Tag: ත්‍රස්තවාදී

ත්‍රස්ත සැකකරුවෙක් ඛේරන්න අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට

ත්‍රස්ත සැකකරුවෙක් ඛේරන්න අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට

තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකුට ඇප ලබා ගැනීම සදහා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද(08) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ අබ්දුල් මලික් මොහොමඩ් නියාස් නමැති සැකකරු පසුගිය 28 වනදා අත්අඩංගුවට පත්වූ අතර ඔහු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 14 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මෙම සැකකරුට ඇප ලබා ගැනීම සදහා පොලීසියේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබාදීමටයි මෙම සැකකරු උත්සාහ දරා තිබුණේ. ඒ අනුව පොලීසිය අල්ලස් කොමිසමට ඒ බව දැනුම් දීමට කටයුතු කර අදාළ ලක්ෂ පහෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ස්ථානාධිපතිවරයාට ලබාදෙ
තවුහිද් ජමාත් ත්‍රස්තයන්ගේ පුහුණු කදවුරක් වැලිකන්දෙන් හමුවෙයි

තවුහිද් ජමාත් ත්‍රස්තයන්ගේ පුහුණු කදවුරක් වැලිකන්දෙන් හමුවෙයි

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී  තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින්ට සටන් පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබු පුහුණු කඳවුරක් සහ පුහුණු මධ්‍යස්ථානයක්  වැලිකන්ද ප්‍රදේශයෙන් සොයාගෙන තිඛෙනවා. මෙම කඳවුර සොයා ගෙන ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදීයි. ත්‍රස්ත කණ්ඩායමේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති මොහොමඩ් සහරාන්ගේ රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී මෙම කඳවුරු භූමිය පවත්වාගෙන ගිය සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිඛෙනවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කඳවුර සහ තවත් වැඳගත් තොරතුරු රාශියක් හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් අබ්දුල් කාදර් නමැති සැකකරුට බදු පදනම යටතේ, මෙම ඉඩම මිල දී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ ද, සහරාන් හසීම් විසින් බවද තහවුරුව තිඛෙනවා. අක්කර 40ක භූමි ප්‍රමාණයකින් සම
ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

ත්‍රස්තයින්ගේ කෝටි 700ක වත්කම් හා කෝටි 14 මුදල් හමුවෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ හා ඔවුන්ට සහාය දැක්වුවන්ගේ බව කියන රුපියල් කෝටි 14 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද(06) ප්‍රකාශ කළා. ඉන් කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර අනෙක් මුදල් සැකකරුවන්ගේ ගිණුම් තුල පවතින බව හෙලිවී තිඛෙනවා. එසේම අදාළ ත්‍රස්තවාදීන් සතු රුපියල් බිලියන 7 ක දේපළ ඇතුලූ වත්තම් පිළිබඳව ද තොරතුරු හෙළිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මෙම මුදල් හා බැංකු ගිණුම් රාජසන්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් දේපළ තහනම් කිරීමේ කටයුතු ද සිදුකරමින් යන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.
සවුදි අරාබියට ඇඟිල්ලක් දිගුකර ලෙබනනයෙන් රහස් ලිපියක්

සවුදි අරාබියට ඇඟිල්ලක් දිගුකර ලෙබනනයෙන් රහස් ලිපියක්

ශ්‍රී ලංකාව තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සවුදි අරාබිය යමක් දැන සිටි බවට චෝදනා කරමින් ලෙබනනයේ අල්-අහ්ඩ් නිව්ස් වෙබ් අඩවිය විශේෂ අනාවරණයක් සිදුකර තිඛෙනවා. ඒ රහසිගත ලේඛනයක් (නිල ලේඛනයක් බව කියන) අනාවරණ කරමිනුයි. එම වාර්තාවට අනුව පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට දින 5කට පෙර සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඉබ්රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ් විසින් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා වන අබ්දුල් නසර් අල් හරතිට අදාළ රහස්‍ය ලිපිය යවා ඇති අතර එම ලිපිය අදාළ පුවත් සේවය විසින් මෙසේ අනාවරණ කර තිබුණා. අල්-අහ්ඩ් නිව්ස් පවසන්නේ ප්‍රහාරයට දින 5කට පෙර සවුදි අරාබි විදේශ අමාත්‍යවරයා මෙරට තානාපතිවරයාට ප්‍රධාන ඉල්ලීම් 3ක් පිළිබද වහා අවධානය යොමුකර පියවර ගන්නා ලෙස දන්වා ඇති බවයි.     Urgent – Top Secret            
පාලම් රැසක ආරක්ෂව තරකිරීමට පියවර

පාලම් රැසක ආරක්ෂව තරකිරීමට පියවර

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් විසින් කොළඹ නගරයට පිවිසෙන පාලම් ගණනක් පුපුරවා හැරීමට සූදානම් වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පවසමින් ඒ එෆ් පී පුවත් සේවය වාර්තාවක් පල කර තිඛෙනවා. ආරක්ෂක අංශවල වාර්තා උපුටා දක්වමිනුයි මෙම පුවත පල කරනු ලැබ ඇත්තේ. ඒ අනුව අදාළ පාලම්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවද අදාළ වාර්තා හෙලිකරනවා. මීට අදාළව බුද්ධි අංශවල ලිපියක් බවට නම්කරමින් තහවුරු නොකළ ලිපියක්ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවතුණා.
ආයුධ සමග අභිරහස්, රුධිරය එකතු කිරිමේ සිලින්ජර් තොගයක් හමුවෙයි

ආයුධ සමග අභිරහස්, රුධිරය එකතු කිරිමේ සිලින්ජර් තොගයක් හමුවෙයි

යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා භටපිරිස් විසින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, සහ වෙනත් යුද උපකරණ රැසක් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා භට පිරිස්, නාවිකයින්, පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලිසිය එක්ව බ්‍රහස්පතින්දා (2) දින පුල්මුඩෙයි ප්‍රදේශයේ හදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදි ඩෙටනේටර් 89, ඩෙටනේටර් සේද නුල් 32 ක් (අගල් 16 බැගින්), ජෙල් වතුර ටියුබ් 8 ක්, ඩෙටනේටර් චාජ් 2ක් සහ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාව යටතේ පාලනය වන 20 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා භට පිරිස්, නාවික හමුදාව, විශේෂ කාර්යය බළකාය සහ පොලිස් නිලධාරීන්ගේ ස
වීසා බලපත් නැති විදේශිකයින් පිටුවහල් කිරීමට සූදානම්

වීසා බලපත් නැති විදේශිකයින් පිටුවහල් කිරීමට සූදානම්

රැකියා වීසා බලපත් නොමැතිව මෙරට තුල රැකියාවල නිරත සියළු විදේශිකයින් රටෙන් පිටකරලීමට අවශ්‍ය විධිවිධාන යොදවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනාවරණ කරනවා. රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අණාවරනය වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සමඟ මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත් වූ බවද ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳ කරුණු සොයා බලා ඔවුන් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිප
අන්තිම ත්‍රස්තයා අල්ලන තෙක් ආරක්ෂාව තදින් /අගමැතිගෙන් උපදෙස්

අන්තිම ත්‍රස්තයා අල්ලන තෙක් ආරක්ෂාව තදින් /අගමැතිගෙන් උපදෙස්

අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලූ දෙනා අල්ලනතුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද  දැනුම්දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කට එකවර හා තවත් ස්ථාන දෙකකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලූ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ රජයට දුන් නවතම වාර්තාව භාර ගැනීමෙන් පසුව බවද සදහන්. වර්ෂ 2015 තෙක් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරහිව ක්‍රියා කිරීමට පෙළ ගැස්වීමේ ප්‍රති
අන්තවාදීන්ගේ මධ්‍යස්ථානයකින් මත්පෙති හා වඳපෙති අල්ලයි

අන්තවාදීන්ගේ මධ්‍යස්ථානයකින් මත්පෙති හා වඳපෙති අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයට අයත් මත්පෙති හා ගබ්සා පෙති ඛෙදා හරින ලද මධ්‍යස්ථානයක් කොලඹ කොළඹ ආදුරුප්පු වීදියෙන් සොයාගෙන තිඛෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදීයි. මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇතැයි සදහන්. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදී හෙළිවී තිඛෙනවා. තිස්ස රවින්ද්‍ර පෙරේරා (Aruna)
ප්‍රහාරයට සැක 44ක් සී අයි ඩී භාරයේ

ප්‍රහාරයට සැක 44ක් සී අයි ඩී භාරයේ

අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා. තවත් පිරිසක් ත්‍රස්ත විමර්ෂණ ඒකකය භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන... අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. pic.twitter.com/4DSf50ZPER — News.lk (@newsdotlk) April 29, 2019
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා දෙමටගොඩදී අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී කොලඹ ෂැංග්‍රීලා හෝටලය තුල පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීයාගේ සොහොයුරා බව කියන මොහොමඩ් ඊබ්‍රහිම් ඉෆ්තිකාර් දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරු සමග කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බවයි වාර්තාවන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
වෙරළබඩ හා ඉන්දු ලංකා මුහුදේ ආරක්ෂව තරවෙයි

වෙරළබඩ හා ඉන්දු ලංකා මුහුදේ ආරක්ෂව තරවෙයි

වෙරළබඬ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව මෙහෙයුම් හා යාත්‍රා යොදවා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇති අතර ධීවර කටයුතුවලට පිටත්ව යෑමේ දී රැගෙන යා යුතු නීත්‍යාණුකූල ලියවිලි,ජාතික හැදුනුම්පත් රැගෙන යන ලෙස දන්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පපවසනවා. වෙරළබඬ හා ඉන්දු ලංකා මුහුදු සීමාව ආශ්‍රිතව ආරක්ෂාවට නාවික හමුදාව සීරුවෙන්- ධීවර කටයුතුවලට යෑමේදි ලියකියවිලි රැගෙන යන්න(VIDEO) //sinhala.news.lk/news/political-current-affairs/item/33361-2019-04-28-06-44-59 pic.twitter.com/r2dOCNVlOj — News.lk (@newsdotlk) April 28, 2019
ජාතික තව්හිඩ් ජමාත් හා තවත් සංවිධානයක් තහනම් කරයි

ජාතික තව්හිඩ් ජමාත් හා තවත් සංවිධානයක් තහනම් කරයි

මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි යන සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට පියවර ගෙන තිඛෙනවා. 2019 අංක 1 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිතයි. සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතව තිඛෙනවා.
තව්හිද් ජමාද් පළමු ප්‍රහාරය කළේ වව්නතිව් හීදී/සැකකරුවෙක් හෙලිකරයි

තව්හිද් ජමාද් පළමු ප්‍රහාරය කළේ වව්නතිව් හීදී/සැකකරුවෙක් හෙලිකරයි

ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් මෙරට තුල සිදුකළ පළමු ප්‍රහාරය පසුගිය වසරේ වව්නතිව් හීදී පොලිස් නිලධාරීන් දෙදනකු ඝාතනය කිරීම බව අනාවරණවී තිඛෙනවා. ඒ ඊයේ දිනයේ තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකරන ලද හෙලිකිරීම් මතයි. මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනයට සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් දෙදනකු සම්බන්ධ බවටයි මෙහිදී අනාවරණවී ඇත්තේ. සැකකරු රදවා ගනිමින් වැඩිදුර විමර්ෂණ සිදුකරමින් පවතිනවා.
සයින්දමරදු හී ත්‍රස්තයන් පාලනය කෙරේ/ පරීක්ෂණ තවදුරටත්

සයින්දමරදු හී ත්‍රස්තයන් පාලනය කෙරේ/ පරීක්ෂණ තවදුරටත්

කල්මුණේ සයින්දුමරුන්දු නගරයට නුදුරු නින්දවුර්හි ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදුකළ අවස්ථාවේදී  ත්‍රස්තවාදීන් යැයි සැක කරන පිරිසක් විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සමග හටගත් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිඛෙනවා. මෙම අවස්ථාවේදී ත්‍රස්තවාදීන් දෙදනකු මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ. සම්මන්තුරේ නිවාස දෙකක අවි ගබඩා වැටලූ අවස්ථාවේදී පොලිසියට හා විශේෂ කාර්ය බළකායට ලද තවත් තොරතුරක් මත සයින්දුමරුන්දු - නින්දවුර් හි පිහිටි පල්ලියක් අසල නිවාස කිහිපයක් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී පිපිරීමක් සිදුව තිබූ අතර ඉන් පසුවයි හමුදාව හා විශේෂ කාර්ය බලකාය ප්‍රදේශය වටලනු ලැබුවේ. 241 බල සේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිර මහතාගේ මෙහෙයවීමේන් 3 වන විජයබා රෙජිමේන්තුවේ නිලධාරීන් හා සෙබළුන් එම ස්ථානයට ගොස් එම ප්‍රදේශය වටලා පරීක්ෂණ සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ත්&#
සයින්දමරදු ප්‍රදේශයෙන් පිපිරීම් ශබ්ද 3ක් / මෙහෙයුම තවදුරටත්

සයින්දමරදු ප්‍රදේශයෙන් පිපිරීම් ශබ්ද 3ක් / මෙහෙයුම තවදුරටත්

කල්මුනේ සයින්දමරදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සිදුකරන විශේෂ මෙහෙයුම අතරතුර පිපිරීම් ශබ්ද 3ක් ශ්‍රවණය වී ඇතැයි තහවුරුව තිඛෙනවා. එම ප්‍රදේශයේ දී යුද්ධ හමුදාව / පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සැක සහිත පිරිසක් වෙඩි හුවමාරුවක නිරතවූ අතර එම ස්ථානයේ සැකකරුවන් 6 දෙනකු පමණ රැදී සිටින බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරනු ලබන්නේ.
පොලිසිය සොයමින් සිටි ලොරිය වත්තලදී අල්ලයි

පොලිසිය සොයමින් සිටි ලොරිය වත්තලදී අල්ලයි

පොලිසියට අත්‍යාවශ්‍යව තිබූ සැක සහිත WP DAE 4197දරණ ලොරි රථය කොටහේන පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.ඒ වත්තල ප්‍රදේශයේදීයි. වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබුණා. ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා විමර්ෂණ සිදුකෙරෙනවා. පොලීසිය පවසන්නේ ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බවයි.
ප්‍රහාරයට සම්බන්ධ මෙම අය දුටුවොත් වහා දැනුම්දෙන්න

ප්‍රහාරයට සම්බන්ධ මෙම අය දුටුවොත් වහා දැනුම්දෙන්න

පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ අත්‍යාවශ්‍ය සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිඛෙනවා. පහත දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම තොරතුරු ලබාදිය හැකිවනවා.0718 591 771  /  0112 422 176   /   0112 395 605 මේ එම සැකකරුවන්ගේ ජායාරූප හා තොරතුරුයි.    
කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පිවිසුම් මාර්ගය යලි විවෘතයි-Update

කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පිවිසුම් මාර්ගය යලි විවෘතයි-Update

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය යළි විවෘත කර තිඛෙනවා. අද පෙරවරුවේ එම මාර්ගය තාවකාලිකව වසා දැමුණේ සැක සහිත රථයක් පරීක්ෂාවට ලක් කිරීම සදහායි. කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පිවිසුම් මාර්ගය වසා දැමේ  (11.10 A.M) කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිඛෙනවා. ඒ එම පරිශ්‍රයට පැමිණි සැක සහිත මොටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීම සිදුවීම මතයි. ඒ අනුව තාවකාලිකව එම මාර්ගයට පිවිසීමට රථවාහනවලට අවස්ථාව හිමිවන්නේ නැහැ.
IS පුහුණුව ලැබුූ දෙදෙනෙක් ප්‍රහාරයට සම්බන්ධයි / ද හින්දු

IS පුහුණුව ලැබුූ දෙදෙනෙක් ප්‍රහාරයට සම්බන්ධයි / ද හින්දු

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ පුහුණුව ලැබූ දෙදනකු සම්බන්ධවී ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර තිඛෙනවා. මෙරට පරීක්ෂණ අංශ උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කළේ මෙම ත්‍රස්තයන් ඉරාකය හා සිරියාව යන රටවලදී අයි එස් පුහුනුව ලබා ඇති බවයි. මෙම ත්‍රස්තයින් ප්‍රහාරය මෙහෙයවූයේද යන්න නිශ්චිත නොවුණද ඔවුන්ගේ දායකත්වය මේ වන විට අනාවරණ වෙමින් පවතින බව සදහන්. මෙම පිපිරීම් මාලාවේ රහස් රැසක් මේ වන විටත් හෙලිවෙමින් පවතින අතර එහි සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇතැයිද එම වාර්තා සදහන් කරනවා.
තවත් 16ක් අල්ලයි / ප්‍රහාරයට 76ක් අත්අඩංගුවේ

තවත් 16ක් අල්ලයි / ප්‍රහාරයට 76ක් අත්අඩංගුවේ

මෙරට තුල සිදුවූ පිපිරීම්වලට අදාළව මේ වන විට සැකකරුවන් 76 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ අතර ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු ද වන බවයි. ෆේස්බුක් ඔස්සේ කළ විමර්ශනයකට අනුව පානදුර උතුර ප්‍රදේශයේදී බණ්ඩාරගම පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු පිළිබද ලද තොරතුරු මතයි අත්අඩංගුවට ගෙන තිබුණේ. තිරප්පනේ පොලිස් වසමේ ක්‍රියාත්මක මෙහෙයුමකින් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සන්තකයේ තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ ගිනිඅවි