Tag: ප්‍රධාන-පුවත්

පොලිස්පතිගේ කටහඩ සාම්පල වාර්තාව අධිකරණයට

පොලිස්පතිගේ කටහඩ සාම්පල වාර්තාව අධිකරණයට

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පලය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයෙන් පසුවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ හඩ පරීක්ෂණයකට පෙනී සිටියා. ඒ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි
සමූහ මිනී වළේ අස්ථිවල කාලනිර්ණ වාර්තා අධිකරණයට

සමූහ මිනී වළේ අස්ථිවල කාලනිර්ණ වාර්තා අධිකරණයට

මන්නාරම සමූහ මිනීවලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් සිදු කෙරුණු කාබන් පරීක්ෂණයේ වාර්තාව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ රසායනාගාරයකදී එම අස්ථි කොටස් සාම්පල පරික්ෂාවට ලක් කළ අතර ඒ අනුව අදාළ වාර්තා මෙසේ මෙරටට ලබාදී ඇතැයි සදහන්. මේ වන විට මන්නාරම සමූහ මිනිවලෙන් මිනිස් අස්ථි කොටසක් 323ක් සොයාගෙන ඇති අතර ඉන් 314ක් ගොඩගෙන තිබෙනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකුගේ අස්ථි කොටස් ද වන බවයි අනාවරණ කර ඇත්තේ.
කොකේන් බොන බව කී මැති ඇමති ලයිස්තුව කතානායක ඉල්ලයි

කොකේන් බොන බව කී මැති ඇමති ලයිස්තුව කතානායක ඉල්ලයි

කොකේන් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව දැනුම් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ලබාදී ඇතත් අදාළ වාර්තාව ලිඛිතව ලබා දෙන ලෙසයි කතානායකවරයා දැනුම්දී ඇත්තේ. එවැනි ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් පක්‍ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට කතානායකවරයා සූදානම් බවද මෙහිදී දන්වා තිබෙනවා.
වැඩි කළ සිමෙන්ති මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

වැඩි කළ සිමෙන්ති මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

ඉහළ නංවන ලද සිමෙන්ති මිල යළි පහත හෙලන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මේ ඊට අදාළව එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයයි. නිවසක් තනා ගැනීම සෑම මිනිසෙකුගේම සිහිනයකි. ඒ නිසාම සෑම මැතිවරණයක දීම දේශපාලන පක්ෂ විසින් දෙන පොරොන්දුවකි නිවසක් සාදා ගැනීම සදහා ආධාර දීම හා නිවාස තනා දීම. වර්තමාන රජය විසින් දුන් ප්‍රධාන පොරොන්දුවක් බවටද එය පත්ව තිබේ. එහෙත් වර්තමාන රජය එම පොරොන්දුව කිහිපවරක්ම කඩ කර ඇත. මේ වන විට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩි කිරීමට සුදානමක් ඇත. සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන අතර සිමෙන්ති මිල වැඩි කිරීම  සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් වැඩි කිරීමට අවසර දීමට පාරිභොගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටී. අම්පාරේ ඉදිකරනු ලබන ගම්උදාවේ පෝස්ටර් ග
නවම් පුර ‍පසළොස්වක් පොහොය අදයි

නවම් පුර ‍පසළොස්වක් පොහොය අදයි

නවම් පුර ‍පසළොස්වක් පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වන පොහොය දවසක්. ඒ වගේම සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිදුවීම් මේ පෝය දිනයේ සිදුවෙලා තිබෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා ධම් සභා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ තනතුරු බලාපොරොත්තු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා දෙනම සංසාරයේ පුරන ලද පාරමිතා දැක උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කර මේ තනතුරු පිරිනමා තිබෙනවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ දකු‍ණත් සව් ලෙසත් ධර්ම සේනාධිපති ලෙසත් මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් බුදුරජාණන් වහන්සේ වෙතින් හිමිකරගෙන තිබෙනවා. උන්වහන්සේ පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයේ කුද්ද
ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමට සැකපිට පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමට සැකපිට පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

ගාල්ල රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් . රත්ගම ප්‍රදේශයේ පදිංචි රසීන් චින්තක හා මංජුල අසේල යන ව්‍යාපාරිකයින් දෙදෙනා පසුගිය ජනවාරි 23දා සිට අතුරුදන්ව ඇති අතර වෑන් රථයකින් හා මෝටර් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසුනු පිරිසක් ඔවුන්ව පැහැරගත් බවයි ඥාතීන් චෝදනා එල්ල කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අතර දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමටයි ඊයේ දිනයේදී පියවර ගැණුනේ.
මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක්

මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක්

පළාත් සභා මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින්. පළාත් සභා 6ක ජන්දය පමා කිරීම හේතුවෙන් සර්වජන ජන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බවද එමගින් පෙන්වා දී තිබෙනවා. මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම හා එහි නිලධාරීන් වනවා.
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අනිද්දා(20)  සභාගත වෙයි

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අනිද්දා(20) සභාගත වෙයි

පාර්ලිමේන්තු සභා ගර්භයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය පිළිබද විමර්ෂණ වාර්තාව අනිද්දා සභාගත කිරීමට තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ එම ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. නොවැම්බර් 15 , 16 , හා 17 යන දිනවල පාර්ලිමේන්තුවේ මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත්තේ ජනාධිපතිවරයා විසින් සිදුකළ බල පෙරළියට සමගාමීවයි.
ඩුබායි කල්ලිය 27 වනදා අධිකරණයට

ඩුබායි කල්ලිය 27 වනදා අධිකරණයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට ඩුබායි පොලීසිය තීරණය කර තිබෙනවා. පසුගිය 05 වැනිදා සිට මේ දක්වා ඩුබායි පොලීසියේ රැඳවුම් භාරයේ සිටින මාකඳුරේ මධුෂ්,ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව මෙම තීරණයට එළඹ ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ පසු එම කණ්ඩායමෙන් 15 දෙනෙකුට පමණ ඇප ලබාදීම, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැනි සහනයක් අත්වනු ඇතැයි සදහන්. අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඩුබායි රාජ්‍යයේදී පෙර වැරදි සිදුකර නොතිබීම,පළමු වතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ අවස්ථාවකදී අත්අඩංගුවට පත්වීම,සාදයේ ගායකයන් ලෙස පැමිණ සිටීම වැනි කරුණු නීතිඥයන් විසින් පෙන්වා දී තිබෙන බැවින් ඔවුන් දෙදෙනා සහනයක් ලැබීමට නියමිත කණ්ඩායමට ඇතුළත්ව සිටින බවද වාර්තාවුණා. ඩුබාහි හිදී අත්අඩංගුව ගත් 3
ද ෆිනෑන්ස් ගැන ගත් තීන්දුව මහ බැංකුව හෙළිකරයි

ද ෆිනෑන්ස් ගැන ගත් තීන්දුව මහ බැංකුව හෙළිකරයි

මෙරට පැරණිතම මූල්‍ය සමාගම වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දීමක් සිදුකර තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ද ෆිනෑන්ස් සමාගම යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල
දෙවන විශේෂ මහාධිකරණයත් සූදානම්

දෙවන විශේෂ මහාධිකරණයත් සූදානම්

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඩේ මහාධිකරණ ශාලා අංක 1හි පිහිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා ප්‍රමාදයක් සිදුවූයේ කොළඹ අධිකරණ බල ප්‍රදේශය තුළ පිහිටුවන ස්ථානය පිළිබඳ ගැටළු මතුවීම හේතුවෙන් බවත් 1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇති බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කළා. අධිකරණය අමාත්‍යාංශය මගින් මෙය නිල වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව යටතට පත්කිරීමෙන් අනතුරුව එහි භාරකාරීත්වය අගවිනිසුරුවරයා සතු වනවා. දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල
කොකේන් ඇමතිවරු ගැන කතාවට පොලිසියට පැමිණිල්ලක්

කොකේන් ඇමතිවරු ගැන කතාවට පොලිසියට පැමිණිල්ලක්

කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමැතිවරුන් සිටින බවට සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව විමර්ෂණයක් ඉල්ලා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය මෙම ඉල්ලීම පැමිණිල්ල ඊයේ දිනයේදී ඉදිරිපත් කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි. රන්ජන් රාමනායක මහතා විසින් කැබිනට් මණ්ඩලයේ කොකේන් පානය කරන ඇමතිවරුන් සිටින බවට කර ඇති ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙම විමර්ෂණය සිදුකළ හැකි බවද පැමිණිල්ලේ සදහන්. මත්ද්‍රව්‍යවලට එරෙහිව මේ වනවිට රටපුරා විරෝධතාවයක් මතුව ඇති හෙයින් හා කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් වන චෝදනා බරපතල හෙයින් එවැනි විමර්ශනයක් කිරීම අවශ්‍ය බවද පැමිණිල්ලේ දක්වා තිබෙනවා.
සිමෙන්ති කොට්ටයක් 100කින් වැඩිවෙයි

සිමෙන්ති කොට්ටයක් 100කින් වැඩිවෙයි

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ නංවා තිබෙනවා. මිල වැඩි කිරීමට කළ ඉල්ලීමකට අනුව  පාරිභෝගික අධිකාරිය  මේ සදහා අවසර දුන් බවයි සිමෙන්ති සමාගම් පවසන්නේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1095 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මන්නාරම සමූහ මිනීවලේ අස්ථිවල කාලනිර්ණ වාර්තා ලැබෙයි

මන්නාරම සමූහ මිනීවලේ අස්ථිවල කාලනිර්ණ වාර්තා ලැබෙයි

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව මෙරටට හිමිව තිබෙනවා. මන්නාරම අධිකරණ විශේෂඥ වෛද්‍ය  සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රාත්‍රියේ (15) එම වාර්තාව ලැබුණු බවයි. අදාළ කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන් ඥාතීන් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් සිදුකිරීමටයි නියමිත වන්නේ.
කොකේන් බොන ඇමතිවරු හෙළිකරන්න / මන්ත්‍රී ඩී වී චානක

කොකේන් බොන ඇමතිවරු හෙළිකරන්න / මන්ත්‍රී ඩී වී චානක

කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය අනුව එම අමාත්‍යවරුන් හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා අද ප්‍රකාශ කළා. මේ අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පල කළ අදහස්. “කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා. ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරුන් සම්බන්ධයෙන් කරපු හෙළිදරව්ව අපි අගය කරනවා. නමුත් ක්‍රීඩකයින් ගැන කරපු චෝදනාව නම් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් කිසියම් තරගයකට යනවා නම් ඊට පෙර පරීක්ෂණවලට බදුන් වෙනවා. නමුත් ඇමැතිවරු ගැන කරපු චෝදනාව නම් නිවැරදි වෙන්න පුලුවන්. පහුගිය කාලයේ රට වෙනුවෙන් ගත්තු යම්යම් තිරණ මේ අය ගත්තේ කුඩු ගහලද කියලා අපිටත් වෙලාවකට හිතෙනව
මරණ දඩුවම ගැන කතෝලික රදගුරු සමුලුවෙන් නිවේදනයක්

මරණ දඩුවම ගැන කතෝලික රදගුරු සමුලුවෙන් නිවේදනයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ‘‘පොදු ජන ජිවිත සුරකිනු සඳහා සාධාරණ විභාගයකින් පසුව බරපතල අපරාධවලට එරෙහිව යම් සීමිත අවස්ථාවන්වලදී,  වෙනත් විකල්ප නොමැති නම්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට බලධාරීන්ට හැකියාව තිබිණි.“ “එනමුදු ඕනෑම දරුණු අපරාධයක් සිදුකිරිම මත වුවද වරදකරු තුළ පවත්නා මානව අභිමානය හා උදාරත්වය හීන නොවන බව අපගේ පිළිගැනීමයි“ යනුවෙන්ද එහි සදහන්. මේ එම නිවේදනයයි.
සියඹලාපිටියට උසස්වීමක් හිමිවන ලකුණු

සියඹලාපිටියට උසස්වීමක් හිමිවන ලකුණු

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා. ඒ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හෘදයාබාධයකට ලක්වීමෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව විවේක ගැනීම හේතුවෙන් බව සදහන්. ඒ අනුව ප්‍රමාද කළ නොහැකි පියවර රැසක් ගැනීමට නියමිත බැවින් සියඹලාපිටිය මහතා එම ධූරයට පත් කිරීමට සලකා බලමින් පවතින බවද අදාළ වාර්තා අනාවරණ කරනවා.
අරුවක්කාලුවට විරෝධය පා පුත්තලමේ හර්තාලයක්

අරුවක්කාලුවට විරෝධය පා පුත්තලමේ හර්තාලයක්

අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව නගරයේ කඩ සාප්පු සියල්ල අද දිනයේදී වසා ඇති බවයි වාර්තාවන්නේ. මෙම කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට බලපෑම් එල්ලවනු ඇති බවට චෝදනා කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකයි. පසුගිය දින 3ක කාලය තුල නගරයේ කලු කොඩි ඔසවා පැවැති අතර ඒ අද පැවැත්වෙන හර්තාලයට සහාය පල කරමිනුයි. කෙසේ වෙතත් මෙම කසල අංගනය හරහා කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.
මරණ දඩුවම දෙනවාට කැමති නෑ / යුරෝපා සංගමය ලංකාවට කියයි

මරණ දඩුවම දෙනවාට කැමති නෑ / යුරෝපා සංගමය ලංකාවට කියයි

ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි බලාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රසාදයක් නොමැති බව යුරෝපා සංගමය පවසනවා. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර බ්‍රසල්ස් හීදී පැවැති විශේෂ සාකච්ජාවකදීයි මේ බව අවධාරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්/ ප්‍රතිසංන්ධානය/ දූෂණයට විරෝධීව සටන් කිරී/ යහපාලනය ඇතුළු සාධනීය පියවරයන් වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවද මෙහිදී යුරෝපා සංගමයේ නියෝජිතයින් අදහස් දක්වා තිබෙනවා.
සබරගමු සරසවියේ නවක වදය දුන් 54 කගේ පන්ති තහනම්

සබරගමු සරසවියේ නවක වදය දුන් 54 කගේ පන්ති තහනම්

නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සබරගමුව සරසවියේ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් පනවා තිබෙනවා. එහි උපකුලපතිවරයා සදහන් කළේ සරසවියේ කෲෂි පීඨයේ සිසුන් පිරිසකට මෙම තහනම පැනවූ බවයි. මෙම නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ 14ක් එල්ලා මරන්න ජනපතිට නිර්දේශ

මත්ද්‍රව්‍ය ජාවාරමේ 14ක් එල්ලා මරන්න ජනපතිට නිර්දේශ

මරණ දඩුවම නියමවී සිටින පිරිසෙන් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් නිරත බවට චෝදනා එල්ලවූවන්ගෙන් 14 දෙනකුට මරණ දඩුවම ලබාදිය හැකි බවට වන නීතිපති වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බව වාර්තාවනවා. ඒ අනුව අදාළ 18 දෙනකු අතරින් 3 දෙනකු ඊට උචිත බවට වන වාර්තාවක් පසුගිය ඔක්තෝබර් මාසයේදීත් තවත් 11 දෙනකුට අදාළ වාර්තාවක් මේ වන විටත් යොමුකර ඇතැයි සදහන්. ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මෙතෙක් ඒ සදහා ලැබී නොමැති අතර එම අනුමැතිය ලදහොත් එසැණින් මෙම පිරිසට මරණ දඩුවම ක්‍රියාත්මක වන බව සදහන් වනවා. මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන මහතා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්'' එම තොරතුරු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත භාරදී තිබුණා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණදඬුව