Tag: පානදුර

තවත් 16ක් අල්ලයි / ප්‍රහාරයට 76ක් අත්අඩංගුවේ

තවත් 16ක් අල්ලයි / ප්‍රහාරයට 76ක් අත්අඩංගුවේ

මෙරට තුල සිදුවූ පිපිරීම්වලට අදාළව මේ වන විට සැකකරුවන් 76 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ අතර ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු ද වන බවයි. ෆේස්බුක් ඔස්සේ කළ විමර්ශනයකට අනුව පානදුර උතුර ප්‍රදේශයේදී බණ්ඩාරගම පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු පිළිබද ලද තොරතුරු මතයි අත්අඩංගුවට ගෙන තිබුණේ. තිරප්පනේ පොලිස් වසමේ ක්‍රියාත්මක මෙහෙයුමකින් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සන්තකයේ තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ ගිනිඅවි
අන්තවාදීන් රැදී සිටි බවට සැක පානදුරේ නිවසක් විශේෂ පරීක්ෂාවකට

අන්තවාදීන් රැදී සිටි බවට සැක පානදුරේ නිවසක් විශේෂ පරීක්ෂාවකට

කොළඹ නගරයේ හටගත් බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු තාවකාලිකව රැඳීසිටි බවට සැක කෙරෙන පානදුර උතුර පොලිස් වසමේ සරික්කාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පොලිසිය විශේෂ පරික්ෂාවකට ලක් කර තිඛෙනවා. ඒ ඊයේ රාත්‍රියේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි.