Tag: බෝයිං

ඉතියෝපියාව ඇත්ත හෙලිකරයි / බෝයිං සමාගම අසීරුවේ

ඉතියෝපියාව ඇත්ත හෙලිකරයි / බෝයිං සමාගම අසීරුවේ

ඉතියෝපියානු ගුවන් නියමුවන් ඊ ටී - 302 යානය අනතුරට ලක්වීමට පෙර බෝයිං යානා උපදෙස් කි‍්‍රයාත්මක කර ඇති බව හෙළිව තිබෙනවා. එභෙත් අනතුර වළක්වා ගැනීමට එම උපදෙස් ප‍්‍රමාණවත් නොවූ බවයි එරට බලධාරින් අනාවරණ කළේ. පසුගිය මාර්තු 10 වනදා සිදුවූ ගුවන් අනතුරෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව බෝයිං යානා සම්බන්ධයෙන් තවද්‍රුරටත් විශ්වාසය තැබිම අසීරු බවයි ඉතියෝපියා බලධාරින් පවසන්නේ. මෙම අනාවරණය සමග බෝයිං සමාගම අර්බුධයකට පත්වනු ඇති බවද ප්‍රකාශවනවා.
මාරයා හරවා යැවූ බෝයිං 737 යානයේ මගියා

මාරයා හරවා යැවූ බෝයිං 737 යානයේ මගියා

අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 302 යානයේ මගීන් අතරින් ජීවිතය බේරාගත්තේ එක් පුද්ගලයකු පමණයි. ඒ ඔහුට යානයට ඇතුලුවීමට බලධාරීන් අවසර නොදීම මතයි. මේ ඒ පිළිබද කතාවයි. 
ඉතියෝපියානු ගුවන් අනතුරින් 157ක් මරුට

ඉතියෝපියානු ගුවන් අනතුරින් 157ක් මරුට

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත පියාසර කරමින් තිබියදී අනතුරට පත්ව තිබෙනවා. අඩ්ඩීස් අබාබා නුවරින් පිටත්ව මිනිත්තු 6 ක ගතවූ පසු මෙම යානය අනතුරට ලක්ව ඇතැයි සදහන්. මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බවත් එම ගුවන් මගීන් අවම වශයෙන් රටවල් 35 කින් පමණ පැමිණි අය බවත් සඳහන්. යානයේ සිටි සියලු දෙනා නතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තහවුරු කෙරුණේ. මේ අතර අනතුරට පත්වූ යානය Boeing 7-3-7 වර්ගයට අයත් බවත් එය ගුවන්ගත කිරීමට පෙර අවසාන වශයෙන් පෙබරවාරි 04 වන දින සම්පූර්ණ පරීක්ෂාවට ලක් කල බවත් යානයේ ගුවන් නියමුවා අත්දැකීම් බහුල ගුවන් නියමුවෙකු බවත් ඉතියෝපියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Tewolde Gebremariam අනාවරණ කළා.