Tag: මධුමාධව අරවින්ද

අත්අඩංගුවට ගන්න එපා / මධුමාධවගෙන් පෙත්සමක්

අත්අඩංගුවට ගන්න එපා / මධුමාධවගෙන් පෙත්සමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයායි. මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලීසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිඛෙනවා.