Friday, September 20News That Matters

Tag: මහේෂ් සේනානායක

දරුවන් පාසල් එවන්න /හමුදාපති දෙමාපියන්ගෙන් ඉල්ලයි

දරුවන් පාසල් එවන්න /හමුදාපති දෙමාපියන්ගෙන් ඉල්ලයි

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් කිසිදු බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ප්‍රකාශයක් සිදු කරමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ, දෙවන පාසල් වාරය ඇරඹුණ මෙහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණ ද පැතිරගිය කටකතා හේතුවෙන් දෙමාපියන් දරුවන් පාසල් එවීමෙන් වැළකී සිටි බවයි. කෙසේ වෙතත් එවන් අවධානමක් නොමැති බැවින් දරුවන් පාසල් වෙත යොමුකරන ලෙසත් අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බවත් හමුදාපතිවරයා අවධාරණය කළා.  
ආරක්ෂාව තහවුරුයි / සාමාන්‍ය ජන ජීවිතය අරඹන්න – හමුදාපති-Video

ආරක්ෂාව තහවුරුයි / සාමාන්‍ය ජන ජීවිතය අරඹන්න – හමුදාපති-Video

ත්‍රිවිධ හමුදාව අවශ්‍ය සියලු ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති අතර ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරන බව යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. අන්තවාදී සිදුවීම් සිදු කළ අය සහ එසේම අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමට සිටින අයවලුන් නීතියේ රැහැනට කොටු කරගැනීමට අවශ්‍ය සියලු නියෝග මේ මොහොත වනවිටත් ලබාදී ඇති බවයි හමුදාපතිවරයා කියා සිටියේ. අප්‍රේල් 21 සිදුවීම වූ මොහොතේ සිට මේ මොහොත දක්වා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය රටේ  ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රමෝපායන් දියත් කර තිබෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට  කැමතියි. හදිසි නීතිය යටතේ,ත්‍රිවිධහමුදාවන්ට අවශ්‍ය සියලුම බලතල රජය විසින් ලබා දී තිබෙනවා. ත්