Tag: මිනුවන්ගොඩ

අත්අඩංගුවට ගන්න එපා / මධුමාධවගෙන් පෙත්සමක්

අත්අඩංගුවට ගන්න එපා / මධුමාධවගෙන් පෙත්සමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයායි. මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලීසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිඛෙනවා.
මිනුවන්ගොඩ නොසන්සුන් කළ සිද්ධියේ 32කට ඇප

මිනුවන්ගොඩ නොසන්සුන් කළ සිද්ධියේ 32කට ඇප

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන් තත්ත්වයට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් අද ඇප මත මුදා හැරුණා. ඒ සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
වයඹ හා මිනුවන්ගොඩ සිද්ධි පසුපස දේශපාලකයින්

වයඹ හා මිනුවන්ගොඩ සිද්ධි පසුපස දේශපාලකයින්

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුව ඇති බවත්, එම ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්‍ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවට බුද්ධි අංශ මගින් අනාවරණ කරගෙන ඇතැයි අදාළ වාර්තා හෙළිකරනවා. වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම සඳහා වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ නිර්මාණය කර ඇති බවටයි මෙමගින් හෙළිව ඇත්තේ. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නමැත්තාගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොළ ප්‍රදේශයේ මෙම කඩාකප්පල්කාරී සිද්ධි සිදුකිරීම සංවිධානාත්මකව සිදුකර ඇතැයිද එහි සදහන්. රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනාධිපති කාර්යාලයට සහ  අග්‍රාමාත්‍යවරයාට භාරදී ඇති අතර, ආණ්ඩුවේ අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන්
මිනුවන්ගොඩදී කළහ කළ 13 ක් අත්අඩංගුවට

මිනුවන්ගොඩදී කළහ කළ 13 ක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මෙම පිරිස් සංවිධානාත්මකව අදාළ ප්‍රහාරයට පැමිණ ඇති අතර ඔවුන් පලවා හරින ලද බවයි පොලිසිය සදහන් කළේ.