Friday, September 20News That Matters

Tag: මුස්ලිම්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව විවාහවීමේ අවම වයස් සීමාව අවුරුදු 18ක් තෙක් ඉහළ නැංවීමට නියමිතයි.
හකීම් / රිෂාඩ් ඇතුලු 4ක් ඇමති ධූරවල දිවුරයි

හකීම් / රිෂාඩ් ඇතුලු 4ක් ඇමති ධූරවල දිවුරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමාත්‍ය ධූරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් 4 දෙනකු යළි ඇමති ධූරවල දිවුරුම් දෙනු ලැබුවා.මේ එම මන්ත්‍රී ලයිස්තුවයි. රාවුෆ් හකීම් මහතා නගර සැලසුම් , ජල සම්පාදන යන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා කෘෂිකර්ම , වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් , අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මේ අතර බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන්
අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අද යළිත් ඇමති ධූර

අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අද යළිත් ඇමති ධූර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසෙන් තවත් 7 දෙනකු අද යළි එම ධූරවල දිවුරුම් දෙනවා.ඒ ජනාධිපතිවරයා ඉදිරියේදීයි. රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම් ,එච්.එම්.එම් ෆාරිස් , අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිත බව සදහන්. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු නව දෙනෙක් ඉකුත් ජූනි මස 3 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූ අතර පසුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 9 වැනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් ඇමැතිධූ
ගැටළු විසදෙන තෙක් ඇමති ධූර එපා / මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ගැටළු විසදෙන තෙක් ඇමති ධූර එපා / මුස්ලිම් කොන්ග්‍රසය කියයි

මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට නිසි විසදුම් ලැබෙන තෙක් අමාත්‍ය ධුර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
මුස්ලිම් ඇමතිවරු යළි ධූරවල දිවුරන්න සූදානම්

මුස්ලිම් ඇමතිවරු යළි ධූරවල දිවුරන්න සූදානම්

අමාත්‍ය ධූරවලින් ඉවත්වූ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් යළි එම ධූරවල දිවුරුම්දීමට එකගතාවය පල කර තිඛෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ජාවකින් පසුවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මතුවූ තත්ත්වයන් තුලයි මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වූයේ.
අස්වූ මුස්ලිම් ඇමති 2ක් යළි දිවුරුම් දෙයි

අස්වූ මුස්ලිම් ඇමති 2ක් යළි දිවුරුම් දෙයි

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද යළිත් ජනාධිපතිවරයා ඉදිරියේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දී තිඛෙනවා. එලෙස දිවුරුම් දුන්නේ, කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් වනවා. කබීර් හෂීම් මහතා මීට පෙර මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර එම්.එච්.ඒ. හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
ඇමති ධුර අත්හල මුස්ලිම් මන්ත්‍රීවරු මහනායක හිමිවරු බැහැදකියි

ඇමති ධුර අත්හල මුස්ලිම් මන්ත්‍රීවරු මහනායක හිමිවරු බැහැදකියි

අමාත්‍ය ධූර අතහැර ගිය මුස්ලිම් මන්ත්‍රීවරු අද මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැක තිඛෙනවා. මෙහිදී මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බවයි හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා සදහන් කළේ.
යළි ධූර භාරගන්න / මුස්ලිම් ඇමතිවරුන්ට මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

යළි ධූර භාරගන්න / මුස්ලිම් ඇමතිවරුන්ට මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලීමක් සිදුකරනවා.මහනුවර පැවැති සඟ සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහා සංඝරත්නය මේ බව සදහන් කළා.
ඉල්ලා අස්වීමේ ලිපි තවමත් යොමුකර නැහැ.

ඉල්ලා අස්වීමේ ලිපි තවමත් යොමුකර නැහැ.

ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ රාත්‍රී වනතෙක්ම යොමුකර නොමැති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් සදහන් කරනවා. අදාළ ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදීමක්ද සිදුකර නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නොමැති බව සදහන්. එසේම ඊට අදාළ ගැසට් පත්‍රිකාවක් පවා මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවයි වාර්තාවන්නේ.
මුස්ලිම් ඇමතිවරු ගත් තීරණය ජාතිවාදීයි / දිලුම් අමුණුගම – Audio

මුස්ලිම් ඇමතිවරු ගත් තීරණය ජාතිවාදීයි / දිලුම් අමුණුගම – Audio

මුස්ලාම් දේශපාලනඥයන් ජාතිවාදීව කටයුතු කරන්නේ නම් ඊට විකල්පයක් ලෙස අනෙක් ජාතීන්ටද එක්ව කටයුතු කිරීමට සිදුවන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. මන්ත්‍රීවරයා පවසන්නේ චෝදනා ලැබූ මුස්ලිම් දේශපාලනඥයන්ට පීඩනයක් එල්ල කිරීම වෙනුවට මුස්ලිම් මැති ඇමතිවරු එම කණ්ඩායමට සහාය පල කිරීම ගැටළුකාරී බවයි.
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙනවා /හකීම් කියයි

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙනවා /හකීම් කියයි

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර තිඛෙනවා.කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයට සහාය පල කරමින් කටයුතු කිරීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් කියා සිටියේ විශේෂ සාකච්ජාවකින් පසු මෙම තීරණය ගත් බවයි.ඒ අනුව රජයේ අමාත්‍ය ධූර කිහිපයක පුරප්පාඩුවක් මේ වන විට නිර්මාණයවී තිඛෙනවා. https://www.facebook.com/RishadBathiudeenOfficial/videos/2555916014427347/
මුස්ලිම් කතුන්ගේ අයිතීන් සිර කරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත

මුස්ලිම් කතුන්ගේ අයිතීන් සිර කරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කළ යුතු බව පෙන්වා දෙමින් එය සංශෝධනය කිරීමේ කාලීන වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතාබහකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. වසර 25කට අධික කාලයක් මුළුල්ලේ සිට විවිධ මුස්ලිම් සංවිධාන හා ක්‍රියාධාරිනියෝ මේ පනත සංශෝධනය කළ යුතු බවට හඬක් නඟති. මේ පිළිබඳ රාජ්‍ය අංශයේ ද කතාබහට ලක්ව ඇති බව පෙනී යන්නේ පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සෑම ජන කොටසකටම එක නීතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය. ආරම්භය ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසි පාලන යුගය දක්වා වූ ඉතිහාසයකට දිව යයි. ඒ බටාවියාවෙන්( අද ඉන්දුනීසියාව) ගෙන එන ලද විවාහ සහ දික්කසාද නී
නීතිය කඩා ,මුහුණ වසාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිය කඩා ,මුහුණ වසාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අවමංගල උත්සවයකට සහභාගි වීම සදහා මුහුණ වසාගෙන පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය පවසනවා. 11 වැනිදා රාත්‍රීයේ හලාවත – ජයබිම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇති අතර . අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 ක් වන පිරිමි අයෙකුව සහ අවුරුදු 26 ක් වන කාන්තාවක් බව සදහන්. කාන්තාව හලාවත – ජයබිම පදිංචිකාරියක් වන අතර,අනෙක් තැනැත්තා පුත්තලමේ පදිංචිකරුවෙකු වුවත් විවාහයෙන් පසුව ඔහුද හලාවත – ජයබිම ප්‍රදේශයට පදිංචිය සදහා පැමිණ ඇතැයි හෙළිව තිඛෙනවා. මේ වන විට හදිසි නීති ප්‍රතිපාදන යටතේ මුහුණු ආවරණ තහනම් කර ඇති අතර එය කඩකරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශවලට පැවරී පවතිනවා. අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මුහුණ වසාගෙන අවමංගල උත්සවය සදහා පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කර තිබූ අතර එහිදී
මුස්ලිම් පල්ලියක අන්තවාදයට ඉඩ දුන්නොත් වගකීම භාරකාර මණ්ඩලයට-විශේෂ

මුස්ලිම් පල්ලියක අන්තවාදයට ඉඩ දුන්නොත් වගකීම භාරකාර මණ්ඩලයට-විශේෂ

ඉස්ලාම් දේවස්ථාන තුල වෛරය හෝ අන්තවාදය ව්‍යාප්ත කිරීම හෝ ප්‍රචාරණයේ නිරතවීම හෝ කිසියම් කණ්ඩායමකට ඉඩ ලබාදීමක් සිදුවන්නේ නම් එහි වගකීම අදාළ පල්ලිවල භාරකාර මන්ඩලය වෙත පැවරෙන බව දන්වා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා. එහි දැක්වෙන්නේ ජුම්මා පල්ලිවල සිදුකරන දේශනවල හඩපටද අමාතයාංශය වෙත යොමුකළ යුතු බවයි. එසේම ආරක්ෂක අංශවල සෝදිසි මෙහෙයුම් සදහා පූර්ණ සහාය ලබාදෙන ලෙසද එමගින් දන්වා තිඛෙනවා. මේ අදාළ සම්පූර්ණ ලිපියයි.
සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් / මුස්ලිම් කවුන්සිලයේ සභාපති-Audio

සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් / මුස්ලිම් කවුන්සිලයේ සභාපති-Audio

මුස්ලිම් දේවස්ථානවල සහ පුද්ගලයින්ට අයත් නිවාසවල කඩු තබාගෙන සිටීම සම්බන්ධයෙන් මුස්ලිම් නියෝජිතයන් පිරිසක් අද කොලඹදී අදහස් පල කළා. එහිදී ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් පැවසුවේ  සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කළ බවයි. මුස්ලිම් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම කඩු තබාගන්නා බවද ඔහු සදහන් කළා.
අන්තවාදීන් තුරන් කළ යුතුයි / ෆයිසර් මුස්තාපා – Video

අන්තවාදීන් තුරන් කළ යුතුයි / ෆයිසර් මුස්තාපා – Video

මුස්ලිම් අන්තවාදීන් සම්පූර්ණයෙන්ම තුරන් කර බහුතර මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට ගෞරවාන්විත ලෙස ජීවත්වීමේ ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.
සියන්දමරදු හී ත්‍රස්තයන් හෙළිකළ නිලධාරීන්ට හා ජනතාවට මුදල් ත්‍යාග

සියන්දමරදු හී ත්‍රස්තයන් හෙළිකළ නිලධාරීන්ට හා ජනතාවට මුදල් ත්‍යාග

සයින්දමර්දු ප්‍රදේශයේ රැඳී සිටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී අදාළ පියවර ගැනීමට මැදිහත්වූ පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයාට උසස් වීමක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මහතා පවසනවා. ඒ අනුව අදාළ කොස්තාපල්වරයා මේ වන විට සැරයන් තනතුරට උසස් කර තිඛෙනවා. එමෙන්ම එම නිලධාරියාට රුපියල් ලක්ෂ 5ක මූල්‍ය ප්‍රදානයක්ද සිදුකළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. එම නිලධාරියාට සහාය දැක්වූ තවත් නිලධාරීන් දෙදනකුටද රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍ය ප්‍රදාන සිදුකර තිඛෙනවා. මෙම සිද්ධියේදී පොලිසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයින් 3 දෙනකුටද රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ත්‍යාග පිරිනමා ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුගියදා සයින්දමරදු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිසිය හා ත්‍රස්තව