Tag: විදෙස්

කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් / 44ක් මරුට

කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් / 44ක් මරුට

ඉන්දියාවේ කාශ්මීරයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 44 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 2500ක් පමණ රැගත් බස් රථ පෙළක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර ඒ සදහා මෝටර් රථ බෝම්බයක් උපයෝගී කරගෙන ඇතැයි සදහන්. ප්‍රහාරක මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට වැඩි ප්‍රමාණයක් තිබූ බවටයි සැක පළ කෙරෙන්නේ. මෙම ප්‍රහාරයෙන් ඉන්දීය දේශසීමා ආරක්ෂකයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. පකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර දැඩි ප්‍රතිචාරයක් ඊට දක්වන බවයි ඉන්දියාව අවධාරණය කරන්නේ.
කෙන්යාවෙන් මතුවූ දුර්ලභ දිවියා

කෙන්යාවෙන් මතුවූ දුර්ලභ දිවියා

අතිශය දුර්ලභ බ්ලැක් පැන්තර් වර්ගයේ (කළු දිවියකු ) කෙන්යාවේ වනාන්තරයකදී ජායාරූප ගත කර තිබෙනවා. වසර සියයක් ඇතුළත අප්‍රිකාවේ ජීවත් වන කළු පැහැති දිවියෙකුගේ ඡායාරූපයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. විල් බුරාද්-ලූකස් නම් ජායාරූප ශිල්පියා දින කිහිපයක් පුරා වනාන්තරයක කැමරාවක් සවිකර සිදුකළ විමර්ෂණයකදී මෙම සත්ත්වයා දැකගත හැකිව තිබුණා. මෙම සත්ත්වයාද සාමාන්‍ය දිවියකු වුවද සිරුරේ මෙලනින් ප්‍රමාණය වෙනස්වීම මත බ්ලැක් පැන්තර් වර්ගයට අයත් දිවියකු බවට පත්වන බවයි සත්ත්වවේදීන් පවසන්නේ. මේ එම දුර්ලභ ජායාරූප එකතුවයි.  
අධික හිම පතනයෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් නවතී

අධික හිම පතනයෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් නවතී

අධික හිම පතනයෙන් එල්ලවූ බාධා සමග බ්‍රිතාත්‍යයේ ගුවන් තොටුපල රැසක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ මැන්චෙස්ටර් හා ලිවර්පූල් ගුවන් තොටුපලවල ගුවන් ධාවන පථ අයිස් තට්ටුවකින් වැසී ගොස් ඇති බවයි. ඒ අනුව එම ගුවන් තොටුපල හරහා සිදුකරන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. මේ වන විට එම ගුවන් තොටුපලවල රදවා තිබූ ඇතැම් ගුවන් යානා පවා හිමෙන් වැසී ගොස් ඇති බව සදහන්. එම ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කිරීමට මෙම අධික හිම පතනයද බාධාවක් වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
සවුදි කාන්තාවන්ගේ ඉරණම හා පලා යාම

සවුදි කාන්තාවන්ගේ ඉරණම හා පලා යාම

සෞදියේ සිට පළා විත් තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපොළේ රඳවා ප්‍රශ්න කිරීමට හසුව කැනඩාවේ සරණාගතභාවය හිමිකරගත් 18 හැවිරිදි සෞදි තරුණිය වන Rahaf Alqunun පිළිබඳ පුවත පසුගිය සතියේදී ජාත්‍යන්තර පුවත් වල ප්‍රධාන සිරස්තලයක් බවට පත් විය. Alqunun එසේ තම මව් රටින් පළා ආවේ ඉස්ලාම් ආගමේ අන්තවාදීත්වය, ගැහැණියගේ නිදහස සීමා කිරීම මෙන්ම ඉස්ලාම් ආගමේ අන්තවාදීත්වය හේතුකොටගෙන තම පවුලෙන් එල්ලවූ පීඩනය දරාගත නොහැකි මට්ටමට පැමිණි පසුව බව ඇය ජාත්‍යන්තරයට කියා සිටියාය. මේ සිදුවීමෙන් පසුව සෞදි අරාබියේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් ගේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳ නැවතත් ඉතා උණුසුම්ව සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. සෞදි කාන්තාවන්ට නිදහස සීමා කිරීමේ මෙම ක්‍රමවේදයන් වලට එරෙහිව මානව හිමිකම් සංවිධාන මෙන්ම කාන්තා අයිතීන් සුරකීමේ ව්‍යාපාරද සෞදියට එරෙහිව විරෝධතා දියත් කරමින් කාන්තාවන
පුටින් සර්බියාවට

පුටින් සර්බියාවට

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ඇතුලු රජයේ ඉහල නියෝජිත පිරිසක් සර්බියාවට පැමිණ තිබෙනවා. යුරෝපීය රාජ්‍යයක් වන සර්බියාව සමග ද්විපාර්ශ්වික සබදතා ශක්තිමක් කරගැනීමයි අරමුණ. සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූෂිස් සමග ව්ලැඩ්මියර් පුටින් විශේෂ සාකච්ඡාවකට සහභාගීවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ව්ලැඩිමියර් පුටින්ගේ පැමිණීම හේතුවෙන් සර්බියා අගනුවර ආශ‍්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක වනවා. පොලිස් නිලධාරින් හත් දහසක් ඊට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
සවුදියෙන් පැන ආ තරුණිය කැනඩාවේ සතුටින්

සවුදියෙන් පැන ආ තරුණිය කැනඩාවේ සතුටින්

සෞදි කාන්තාවක ලෙස තමන් ඇතුලු තරුණියන්ට අත්වන ඉරණම ලෝකයට හෙළිකරන බව කැනේඩියානු රැකවරණය ලැබූ රහෆ් මොහමඩ් පවසනවා. තමන් ජීවිත අවධානමක් ගෙන රටින් පලා ඒම වටිනා ක්‍රියාවක් ලෙස සලකන බවයි මෙම තරුණිය පවසන්නේ. 18 හැවිරිදි රහෆ් තම පවුලෙන් මිදී ඔස්ට්‍රේලියාව වෙත පලා යාම සඳහා තායිලන්තයට පැමිණි අවස්ථාවේ ඇය ආපසු මව්රට යැවීමේ උත්සාහයක් පැවතුණදජාත්‍යන්තරයේ බලපෑම් මතයි එය වැලකී යනු ගියේ.. තමන් යළි සවුදි අරාබියට ගියේ නම් නිසැකව මරණය හිමිවන බවද රහෆ් මොහමඩ් පවසනවා. අතහැර සිටින බැවින් කැනේඩියානු තරුණියක ලෙස නිදහසේ ජීවත්වන බවද රහෆ් මොහමඩ් කියා සිටියා.
සයිබර් අපරාධකරු වසර 24ක් හිරේ

සයිබර් අපරාධකරු වසර 24ක් හිරේ

පකිස්ථානය තුල සමාජ මාධ්‍ය ගිණුම්වලට සයිබර් ප්‍රහාර එල්ල කරමින් කප්පම්ලබා ගැනීමේ නිරතවූ පුද්ගලයකුට වසර 24ක සිර දඩුවමක් ලබාදී තිබෙනවා. සැකකරු වෛද්‍යවරියන් හා හෙදියන් 200 දෙනකුගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට සයිබර් ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගනිමින් හා බිය ගන්වා මුදල් ලබා ගැනීම සිදුකර ඇති බව සදහන්. මීට අදාළව පකිස්ථාන අධිකරණය හමුවේ විභාග වූ නඩුවකින් පසු සැකකරුට මෙම දඩුවම නියම කෙරුණා. ඊට අමතරව රුපියල් ලක්ෂ 7ක දඩයක්ද ගෙවීමටයි නියම කර ඇත්තේ. මෙයට සයිබර් අපරාධකරුවකුට මෑතකදී ලබාදී ඇති බරපතලම දඩුවමද වනවා.
ක්වීන්ස්ලන්ත වෙරලේදී 2600 කට ජෙලි ෆිෂ් දෂ්ඨ කරලා

ක්වීන්ස්ලන්ත වෙරලේදී 2600 කට ජෙලි ෆිෂ් දෂ්ඨ කරලා

ක්වීන්ස්ලන්ත මුහුදු වෙරළට ගිය දහස් සංඛ්‍යාත පිරිසක් bluebottle jellyfish සතුන්ගේ දෂ්ඨනය ට ලක්වේ ඇති බව වාර්තා වනවා. පසුගිය සති අන්තයේ ගෝල්ඩ් කෝස්ට් සහ Sunshine  කෝස්ට් වෙරළ තීර වල සිටි පුද්ගලයින් 2600 ක් පමණ මෙලෙස bluebottle jellyfish දෂ්ඨනය ට ලක්ව ඇති බව සඳහන්. ඔවුන් සඳහා වහා ප්‍රථමාධාර ලබාදී තිබෙනවා. ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය තරමක් උග්‍ර වූ බවත් ඔවුන්ට paramedics සේවාවන් වහා ලබා දුන් බවත් සඳහන්. මෙවැනි සිදුවීමක් තමන් කිසි දිනෙක දැක නැති බව Surf Life Saving සංවිධානයේ කාර්යයේ නියුතු නිලාධරී Jeremy Sturges, ප්‍රකාශ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු මුහුදු තීර වල සිටින Blue bottle jellyfish ඇතැම් පුද්ගලයින්ට මාරාන්තික වනවා. Blue bottle jellyfish ප්‍රහාරයක් එල්ලවුවහොත් එම තුවාල වූ පෙදෙස මිනිත්තු 20 ක් පමණ උණුසුම් වතුරේ බහා තැබිය යුතුයි. උණුසුම් ජලය න
චීන ජනගහනය වර්ධනයවීම ගැන අනතුරු ඇගවීමක්

චීන ජනගහනය වර්ධනයවීම ගැන අනතුරු ඇගවීමක්

චීනයේ එක් දරු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සමග එරට ජනගහනය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන ඇති බව විශ්ලේෂකයින් පවසනවා. ඒ චීනය විසින් දරුවන් දෙදනකු සදහා අවසර ලබාදීම හේතුවෙනුයි. මේ වන විටත් කෝටි 140ක ජනගහනයක් චීනය තුල වාසය කරනු ලබනවා. ඒ අනුව වාර්ෂිකව චීන ජනගහණය කෝටියකින් පමණ වර්ධනයවීමේ හැකියාවක් පවතින බවයි විශ්ලේෂකයින් පවසන්නේ. ඒ අනුව 2050 වන විට චීනයේ ජනගහනය කෝටි 200කට ආසන්න වනු ඇතැයිද ඔවුන් සදහන් කරනවා.
උතුරු කොරියාවෙන් අනතුරු ඇගවීමක්

උතුරු කොරියාවෙන් අනතුරු ඇගවීමක්

අමෙරිකාව පොරොන්දු ඉටු නොකරන්නේ නම් යලිත් දරදඩු පියවරක් වෙත යාමට සිදුවන බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. න්‍යෂ්ඨික වැඩිපිලිවෙල අත්හරින්නේ නම් තම රටට පැනවූ සම්බාධක ඉවත් කරන බවට අමෙරිකාව පොරොන්දු වුවද ඒවා මෙතෙක් ඉටුව නොමැති බවයී උතුරු කොරියානු නායකයා පවසන්නේ. ඒ අනුව අමෙරිකාව වහාම පොරොන්දු ඉටු කර තම රටට සාදාරණයක් ඉටු කළ යුතු බවද ඔහු තර්ජනාත්මකව අවධාරණය කර තිබෙනවා.
2018 ලෝකයට අන්තිම නරකයි / වාර්තාවක් කියයි

2018 ලෝකයට අන්තිම නරකයි / වාර්තාවක් කියයි

2018 වසර ලෝකයේ ආපදා බහුලම වසරක් බව ජාත්‍යන්තර වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ ස්විස් රේ ආයතනය නිවේදනය කළේ වසර තුල සිදුවූ ආපදා මගින් ලෝකයට සිදුව ඇති මූල්‍ය අලාභය ඩොලර් බිලියන 158ක් ඉක්මවන බවයි. ඒ අතරට ප්‍රධානතම ආපදා 07 ක් නම් කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් බලපා ඇත්තේ අමෙරිකාවටයි. කැලිෆෝනියාවේ හටගත් ලැව් ගින්න / මිචෙල් චණ්ඩ මාරුතය / ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය හා මැන්ග්කුට් සුළි සුළගද මෙම බිහිසුණු විපත් අතරට ඇතුලත්. යුරෝපයට බලපෑ නියගය හා ලැව් ගින්න / ජපානයේ ගංවතුර හා ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පා සුනාමි තත්ත්වයන් හා ගිනි කදු පිපිරීම්ද මෙම අවධානම් ලෙස නම් කර තිබෙනවා. දැනට පවතින වාර්තා අනුව 2019 ලෝකයට වඩාත් අවදානම්කාරී වනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.
ඉන්දුනීසියාවට අදත් සුනාමි අවධානමක්

ඉන්දුනීසියාවට අදත් සුනාමි අවධානමක්

යළිත් සුනාමි තත්ත්වයක් හටගත හැකි බැවින් වෙරළ කලාපවලින් ඉවත්ව සිටින්නැයි ඉන්දුනීසියානු රජය එරට ජනතාවට දැනුම්දී තිබෙනවා. ඒ ක්‍රැකටෝවා ගිනි කන්ද යළිත් දරුණු ලෙස විදාරණයවීම සමගයි. ඒ අනුව පෙරට වඩා ප්‍රබල මට්ටමේ සුනාමි තත්ත්වයක් හටගත හැකි බවටයි අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබ ඇත්තේ. පෙරේදා එරටට බලපෑ සුනාමි තත්ත්වයෙන් පුද්ගලයින් 429 දෙනකු මිය ගිය අතර තවත් 159 දෙනකු අතුරුදන් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 1400ක්.
ජනපති ට්‍රම්ප්ගෙන් නත්තලට දරුවන්ට ඇමතුම්

ජනපති ට්‍රම්ප්ගෙන් නත්තලට දරුවන්ට ඇමතුම්

නත්තල වෙනුවෙන් අමෙරිකාවේ දරුවන්ට ඇමතුම් ලබාදීමේ සාම්ප්‍රදායික කටයුත්තට එරට ජනාධිපති ඩොනල්ඩ් ප්‍රම්ප් හා ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් අද එක්ව සිටියා. එහිදී අහඹු ලෙස තෝරාගනු ලබන අමෙරිකාවේ දරුවන් පිරිසකට ජනාධිපතිවරයා හෝ ආර්යාව සමග දුරකථනයෙන් සංවාදයේ යෙදීමටයි අවස්ථාව හිමිවන්නේ. මෙහිදී දරුවන් අමතමින් ජනපති ට්‍රම්ප් විමසා ඇත්තේ රටේ ජනතාව තමන් ගැන කවරක් ප්‍රකාශ කරන්නේද යන්නයි. එසේම නත්තල් සීයා විශ්වාස කරන්නේදැයි ඔහු ඇමතුම් ලබාදුන් දරුවන්ගෙන් විමසා තිබුණා. මේ අතර දුරකථනයේ රතු පැහැති බොත්තමෙන් කරන්නේ කවරක්දැයි ජනාධිපතිවරයා විමසා සිටි බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරනු ලැබුවා.
ඉන්දුනීසියා සුනාමියෙන් 439ක් මරුට / අවධානම තවදුරටත්

ඉන්දුනීසියා සුනාමියෙන් 439ක් මරුට / අවධානම තවදුරටත්

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 439 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය නිවේදනය කළේ අතුරුදන්වූවන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් මරණ ප්‍රමාණයද තවදුරටත් ඉහළ යා හැකි බවයි. එරට ක්‍රැකටෝවා ගිනි කන්ද පිපිරීම සමග මුහුදේ සිදුවූ නායයාමක් සමග මෙම සුනාමි තත්ත්වය හටගනු ලැබුවා. එය මෙම වසර තුල ඉන්දුනීසියාවට බලපෑ දෙවන සුනාමි තත්ත්වයයි. මෙම සුනාමි තත්ත්වය හටගන්නා අවස්ථාවේදීත් එරට සුනාමි අනතුරු ඇගවීමේ පද්ධති කිහිපයෙන් සීමිත ප්‍රමාණයක් පමණයි සක්‍රීයවී තිබුණේ. ඒ අනුව මෙම ගිනි කදු පිපිරීමෙන් විනාඩි කිහිපයකට පසු සුනාමි තත්ත්වය ප්‍රධාන සංචාරක කලාප 4කට බලපා තිබුණා. එහිදී සංගීත ප්‍රසංගයක් පැවැති ස්ථානයක්ද සුනාමි ප්‍රහාරයට ලක්වූ අතර එහි සිටි වැඩි පිරිසක් මරණයට පත්ව තිබුණා. මේ අතර ගිනි කන්ද තවදුරටත් විදාරණය වෙමින් පවතින බැවින් යළිත
ඉන්දුනීසියාවට සුනාමියක් / 168 ක් මරුට

ඉන්දුනීසියාවට සුනාමියක් / 168 ක් මරුට

ඉන්දුනීසියාවේ ක්රකටාවු ගිනිකන්ද පුපුරායාම සමග එරටට සුනාමි තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඉන්දුනීසියානු වාර්තා සදහන් කළේ ගිනි කන්ද පුපුරා ගොස් සුලු මොහොතකින් එරට සුන්දා සමුද්‍ර සන්දිය ආසන්න කලාපයට මෙම සුනාමිය බලපෑ බවයි. මේ වන විට ලැබී ඇති වාර්තා අනුව සුනාමි තත්ත්වය හේතුවෙන් 168 දෙනකු මියගොස් 700 දෙනකු තුවාල ලබා තිබෙනවා. කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් නිකුත්වීමට පෙර සුනාමිය බලපෑ බැවින් මරණ ඉහළ යා හැකි බවටයි අදහස් පලවන්නේ. මේ අතර තවත් සුනාමි තත්ත්වයන් බලපෑ හැකි බැවින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි ඉන්දුනීසියානු බලධාරීන් එරට ජනතාවට දැනුම්දී ඇත්තේ. ගිනි කන්ද පිපිරීම සමග මුහුදු පත්ලේ පස් කදු නායයාමක් මෙම සුනාමි තත්ත්වයට බලපෑ බව ප්‍රකාශිතයි.
හුආවි ලොක්කාගේ දුව නිසා චීන / අමෙරිකා / කැනඩා අර්බුධයක්

හුආවි ලොක්කාගේ දුව නිසා චීන / අමෙරිකා / කැනඩා අර්බුධයක්

චීනයේ හුආවි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම තම රට තුල සිදුවුවද එයට දේශපාලනික හේතුන් සම්බන්ධ නැතැයි කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩේව් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාව විසින් සිදුකළ ඉල්ලීමක් අනුව ඇය වැන්කුවර් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති මෙන් වැන්ෂෝයු හුවාවි සමාගමේ හිමිකරුගේ දියනියද වනවා. මේ පිළිබද අදහස් දක්වමින් චීනය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බැවින් ඇය වහා නිදහස් කළ යුතු බවයි. මේ දක්වා ඇය අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොදක්වා ඇති අතර ඇය විසින් කිසිදු වරදක්ද සිදුකර නොමැති බවයි හුවාවි සමාගමද නිවේදනය කළේ.
චීනයෙන් මුහුදු පත්ලේ අධිවේගී දුම්රිය මාර්ගයක්

චීනයෙන් මුහුදු පත්ලේ අධිවේගී දුම්රිය මාර්ගයක්

මුහුදු පත්ලේ අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. ඒ සංචාරක ආකර්ෂණය මුල් කරගෙනයි. ඒ අනුව ෂැංග්හයි සිට ෂොහුෂාන් දක්වා කිලෝමීටර 77ක දුරක් දිවෙන පරිදි මුහුදු පත්ලේ මෙම අධිවේගී දුම්රිය උමග ඉදිකිරීමට නියමිතයි. ඊට වැය කිරීමට නියමිත මුදල ඩොලර් බිලියන 3ක්. 2025 වසරේදී මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
තාක්ෂණික දෝෂයක් නිසා ෆේස් බුක් බිද වැටෙයි

තාක්ෂණික දෝෂයක් නිසා ෆේස් බුක් බිද වැටෙයි

ලොව පුරා ෆේස් බුක් සමාජ ජාලය මේ වන විට අක්‍රීයවී තිබෙනවා. ඒ තාක්ෂණික දෝෂයක් සමගයි. කඩිනමින් එය යථා තත්ත්වයට පත් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ෆේස් බුක් සමාගම සදහන් කළා.