Friday, September 20News That Matters

Tag: විශ්වාසභංගය

විශ්වාසභංගය පරාදයි / පක්ෂව 92 යි – විපක්ෂව 119 යි

විශ්වාසභංගය පරාදයි / පක්ෂව 92 යි – විපක්ෂව 119 යි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගය අද වැඩි ජන්දයෙන් පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ජන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද සංඛ්‍යාව 119ක්. ඒ අනුව වැඩි ජන්ද 27කිනුයි එම යෝජනාව පරාජයට පත්වූයේ.
සන්ධානය විශ්වාසභංගයට පක්ෂවීමේ තීන්දුවක

සන්ධානය විශ්වාසභංගයට පක්ෂවීමේ තීන්දුවක

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළද එය ජයග්‍රහණය කරවීමට උනන්දුවක් ඔවුන් තුල නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග හෝ නිදහස් සන්ධානය සමග සාකච්ඡාවක් පවා පවත්වා නොමැති වුවද අද ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බවයි නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ. ඒ අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවක් අමතමින්. ආණ්ඩු විරෝධයක් පෙන්වන ඇතැමුන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළා.
මහින්ද – සම්බන්ධන් සහාය දුන්නොත් හෙට ආණ්ඩුව ගෙදර / අනුර

මහින්ද – සම්බන්ධන් සහාය දුන්නොත් හෙට ආණ්ඩුව ගෙදර / අනුර

විශ්වාසභංගයට විපක්ෂනායකවරයා හා හිටපු විපක්ෂනායකවරයා සහාය ලබාදෙන්නේ නම් හෙට සවස්වන විට ආණ්ඩුව පරාජයට පත්වීම ස්ථිර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියා." ආණ්ඩුවට තිබෙන්නේ මන්ත්‍රීධුර 106යි. විපක්ෂයට ආසන 118යි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ සියලුම මන්ත්‍රීවරුන් හෙට පාර්ලිමේන්තුවට කැඳවන්නේ නම්, ද්‍රවිඩ ජාතික සන්ධානය මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන්නේ නම් හෙට හවසට ආණ්ඩුව පරාජය කළ හැකියි. දේශපාලන ගේම් හෝ යටි අරමුණ නැත්නම් මේ විශ්වාසභංග යෝජනාව අපිට ජය ගන්න පුළුවන්.  කොළඹට ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත්තාම අගමැතිට කොළඹින් පිටවෙන්න කියලා ආරක්ෂක අංශ කිව්වාම අගමැති කොළඹින් පිට ගියා. තමන්ගේ නගරය ආරක්ෂා කර ගන්න බැරි අගමැ
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය භාරදෙයි / සම්පූර්ණ ලියවිල්ල මෙන්න

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය භාරදෙයි / සම්පූර්ණ ලියවිල්ල මෙන්න

වත්මන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා. මේ අදාළ විශ්වාසභංග යෝජනාවයි. 1. වර්ෂ 2019 ක් වූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින කොළඹ, මීගමුව, මඩකලපුව යන ප්‍රදේශවල සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතු`ඵ දෙසිය පනහකට අධික පිරිසක් ඝාතනය විමත්, තවත් පන්සීයයකට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහ එකී බෝම්බ ප්‍රහාර හේතුවෙන් වූ දේපළ හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියෙදී සාපරාධී නොසැලකිල්ලෙන් පහත සඳහන් කෙරෙන ක්‍රියාවන් කරමින් හෝ නොකර හැරීමෙන් අ) 2019.05.08 වන දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ පරිදි 2014 වර්ෂයේ සිට අයිඑස්අයිඑස් ජාත්‍යන්තර ඉස
ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.
බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

අමාත්‍ය රිෂාඩ් බද්යූදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇතැයි එම විශ්වාසභංග යෝජනාව ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ ඊට අදාළව ඔහු විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයයි. ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුලත් කරයි. pic.twitter.com/4VBfGl16VU — Udaya Gammanpila (@UPGammanpila) May 18, 2019
විශ්වාසභංගයේ තීරණය මත ජනතාව තීරණයක් ගනීවි / ඩී වී චානක-Audio

විශ්වාසභංගයේ තීරණය මත ජනතාව තීරණයක් ගනීවි / ඩී වී චානක-Audio

රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහි විශ්වාසභංගයට දක්වන ප්‍රතිචාරය මත දේශපාලනඥයන් පිළිබද ජනතාව තීරණයක් ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පවසනවා. පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  
බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිඛෙනවා. මන්ත්‍රීවරුන් 64 දෙනකුගේ අත්සන් සහිතවයි එම යෝජනාව අද කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ. තවත් පක්ෂ කිහිපයක් මේ සදහා දක්වන ප්‍රතිචාරය ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව තිඛෙනවා.