You are here
Home > ආසන්න-පුවත් > ATM හරහා බැංකු පාරිභෝගිකයාට තවත් දඩයක් ගහලා

ATM හරහා බැංකු පාරිභෝගිකයාට තවත් දඩයක් ගහලා

ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගන්නා අවස්ථාවේදී අය කරන රුපියල් 10ක ගාස්තුවට අමතරව රිසිට් පතක් ලබාගන්නේ නම් ඒ වෙනුවෙන්ද තවත් රුපියල් 10ක ගාස්තුවක් බැංකු විසින් මේ වන විට අය කරමින් පවතින බව අනාවරණවී තිබෙනවා.
ඉකුත් මැයි පළමුවනදා සිටයි නව ගාස්තුව අය කිරීම සිදුවෙමින් පවතින්නේ.
මේ දක්වා ATM යන්ත්‍ර මගින් රුපියල් ලක්ෂයකට අඩු මුදලක් ලබාගන්නා අවස්ථාවලදී රුපියල් 10ක ගාස්තුවක් අය කරගත් අතර මේ සමග රිසිට් පත්‍රයක් ලබාගතහොත් ගණුදෙනුකරුවාට රුපියල් 20ක මුදලක් ගෙවීමටයි සිදුව ඇත්තේ.
මෙම තීරණය මගින් බැංකු ආදායම් මගින් රජය අය කරනු ලබන බදු ගණුදෙනුකරුවාගෙන් අය කර ගැනීමක් සිදුවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

Top