You are here
Home > ආසන්න-පුවත් (Page 2)

ඇමති ධූරයෙන් නෙරපා විජයකලාට නීතිමය පියවර- Audio

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මියගේ අමාත්‍ය ධූරය ඉවත් කර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්. මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම සිද්ධිය පිළිබද එල්ල කරන චෝදනාවන්ටද මන්ත්‍රීවරයා

දෙවියන්ගේ අණින් උසාවියෙන් පැනගිය සැකකරු කුණුවළක

"දෙවියෝ හීනෙන් පෙනිල මට කිව්ව උසාවිය බිඳින්න කියලා. මම ඒක කළා. ඊට පස්‌සේ දෙවියෝ මට කිව්වා බැංකුව කොල්ල කන්න කියලා. මම ඒකත් කළා. අද මට උසාවියෙන් පැනපන් කියලා කිව්වෙත් දෙවියොමයි" බන්ධනාගාර නිලධාරීන් භාරයේ රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සිටියදී පෙරේදා (3 දා) පලා යැමට තැත් කළ සැකකරුවෙක්‌ නැවත අත්අඩංගුවට ගැනීමෙන් පසු විත්තිකූඩුවේ

මාධ්‍යයට එරෙහි තර්ජන ජනමාධ්‍ය ඇමති හෙළා දකී

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට තොරතුරු සැපයීමට දායකවූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් බියගැන්වීම හා අපහාස කිරීම තමා හෙළා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසනවා.මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්. එම තොරතුරු සැපයූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල කිරීම පිළිබඳව මා පුදුමයට පත්වුණා. එම වාර්තාවේ සඳහන් චෝදනා

වර්ජනයට තැපල්පති බිලිවෙයි / ජනපති කාර්යාලයට ස්ථාන මාරුවක්

තැපල්පති රෝහණ අබේරත්න මහතාට ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව තාවකාලිකව තැපල්පති ධූරයේ වැඩ බැලීම සදහා තැපල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පසුගියදා පැවැති දීර්ඝ තැපල් වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස තැපල්පතිවරයාට මෙම ස්ථාන මාරුව හිමිව ඇති බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් තැපල් වර්ජකයින් සම්බන්ධයෙන් තැපල්පතිවරයා දැඩිව කටයුතු කරනු ලැබුවේ රජයෙන්

නිව් යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන CID ය පරීක්ෂණ අරඹයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණ සමයේ චීනයෙන් මුදල් ආධාර ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල මුල් කර ගනිමින් මෙම පරීක්ෂණ සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල්

ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීමට එරෙහිව වාරණ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකුට එරෙහිව පවරා තිබූ ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වලක්වාලමින් අද වාරණ නියෝගයක් නිකුත් කෙරුණා. කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි මෙම නඩුව පවරා තිබුණේ. අදාළ නඩුව විභාගයට ගැනීම වලක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව විකෘති වාර්තාවක් / චීනයෙන් චෝදනා

මෙරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කළ වාර්තාව විකෘති කරන ලද එකක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලු කංග් ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා ඇත්තේ නිව්යෝක් පුවත් සේවය පළ කළ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් . ශ්‍රී ලංකාව

මත්තල ගන්න ඉන්දියාවෙන් ඇවිත් / හොරෙන් නිරීක්ෂණය කරලා

මත්තල ගුවන් තොටුපල බදු පදනම මත ලබා ගැනීමට උත්සාහ දරන ඉන්දීය ආයෝජකතයින් ඊයේ දිනයේදී එම ගුවන් තොටුපල නිරීක්ෂණය කර ඇති බව වාර්තාවනවා. මෙම අවස්ථාවට කොලඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පිරිසක්ද එක්ව සිට ඇතැයි සදහන්. ඩොලර් මිලියන 405ක පදු පදනමක් යටතේ මෙම ගුවන් තොටුපල බදුදීමට නියමිත බවද ප්‍රකාශිතයි. කෙසේ වෙතත් හම්බන්තොට වරාය දියුණුවීමත් සමග

වැඩ වර්ජනය නිසා පාසල් කටයුතු අඩාලයි

අධ්‍යාපන වෘත්තීයට සමිති අද දිනයේ වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධා මතුව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන වෘත්තිය සමිති සදහන් කරන්නේ. මෙම වර්ජනයට අදාළව සාකච්ජා කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්වුණද ඒවා අසාර්ථකවී තිබුණා. අද දිනයේ  පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද

ගෝඨාභය අද සිට දේශපාලනයට

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක  ‍ලේකම් අද දිනයේ (4) ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ දී සිය නිල දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල දේශපාලන කටයුතු ආරම්භ කෙරෙන අද (4) දිනයේදී ඊට සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවු‍ලේ

දුමින්දගේ පියාගේ රියදුරුගෙන් සාක්ෂිකරුවකුට බලපෑම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව පැවැත්වෙද්දි එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන ලෙස විත්තිකාර දුමින්ද සිල්වාගේ පියාගේ රියැදුරු එහි සාක්කිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මහාධිකරණයේ එම නඩු විභාගයේදී එම සාක්කිකරු සඳහන් කළ දුරකථන අංකය

විජයකලා මහේෂ්වරන් ඇමති ධූරයෙන් ඉවතට ?

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධූරය ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවනවා. එල් ටී ටී ඊ ය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය හේතුවෙන් ඊට අදාළ පරීක්ෂණයක් පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති අතර එහි තීරණය ලැබුණු පසු ඊට අදාළ පියවර ගැනීමටද

විජයකලාට නිසි පියවර ගන්න කථානායකගේ ලිපිය නීතිපතිට

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය යළි එල් ටී ටී ඊ ය අවශ්‍ය බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පවතින නීතියේ යම් කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්දැයි සොයාබලන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නීතිපතිවරයාට වෙත දන්වා යවා තිබෙනවා. ඒ අනුව යම් නීතිය කඩවීමක් සිදුව ඇත්නම් ඒ පිළිබද පියවර ගන්නා

විජයකලාගේ එල් ටී ටී ඊ කතාවට රන්ජන්ගේ විරෝධය

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල් ටී ටී ඊ ය යළි ශක්තිමත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය හෙළාදකින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සදහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙරටට හිට්ලර් මෙන්ම ප්‍රභාකරන්ද අනවශ්‍ය බවයි.

කෝටි 9 මංකොල්ලයේ පරීක්ෂණ රහස් පොලිසියට

තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 9.5 මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසියට භාරදී තිබෙනවා. පොලිස්පතිවරයා විසින් එම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

හැකිනම් ජනපති ගැන පැමිණිලි කරන්න / නාමල්ගෙන් එජාපයට අභියෝග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි රන්ජන් රාමනායක මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි කර ඇති අතරම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නඩු පැවරීමටද පියවර ගනිමින් පවතින

ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබෙනවා. ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකළ බවයි එහි ප්‍රකාශකයකු කියා සිටියේ. මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී

කිඹුල් කදුළුහෙළන විජයකලාගේ එල් ටී ටී ඊ ප්‍රේමය

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල දැඩි විරෝධයකට ලක්වෙමින් පවතිනවා. ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දරමින් රාජ්‍ය විරෝධී සංවිධානයකට අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක

ගෝඨාභයගේ වියත් මගට වාසුදේවගෙන් ප්‍රහාරයක්

ඉදිරි ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි පවතින බවට ඊට සම්බන්ධ පිරිස් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ප්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද අවධාරණය කළා. මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින්. මහින්ද

දුම්රිය මැදිරි ආරක්ෂාවට සිවිල් ආරක්ෂකයින්

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරනවා. විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන්වැ ළැක්වීම සඳහා අද

Top