You are here
Home > උණුසුම් පුවත්

ඉන්දියාවට දෙනවාට විරෝධය පා ඒකාබද්ධ මන්ත්‍රීවරු මත්තල යයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ සංචාරයක නිරතවී සිටිනවා. එම වාර්තා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ මෙම සංචාරයට එක්ව සිටින බවයි. මත්තල ගුවන් තොටුපල බදු පදනම මත ඉන්දියාවට පැවරීමට විරෝධය දැක්වීම හා ඒ පිළිබද සොයා බැලීම මෙහි අරමුණ බවයි අදාළ වාර්තා සදහන් කරන්නේ.

ලංකාව අපට වඩා ජපානයට ණයයි – චීනයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ණය හා චීනය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිත බව දක්වමින් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පල කර තිඛෙනවා. එහි දැක්වෙන්නේ ලංකාව ඇතුලු චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියට අයත් රටවල් ණය උගුලකට හසුකරගන්නා බවට චීනයට එල්ල වන චෝදනා අසත්‍ය බවයි. ලංකාවේ ණය අර්බුධය චීනයේ මැදිහත්වීමෙන් සිදුවූවක් නොව ලංකාව

ඉල්ලීම් නොදුන්නොත් යළි බස් ගාස්තු වැඩිකිරීමක් ?

ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් බස් කර්මාන්තය වධානමකට පත්වන බැවින් අදාළ සහන ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු යළි ඉහළ නංවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ඉන්ධන ගාස්තුව වැඩි කිරීම හේතුවෙන් කෙටි දුර ධාවන බස් රථයකට මසකට රුපියල් 22,500ක අලාභයක් සිදුවන බවයි. ඒ අනුව

කුඩු ජාවාරම්කරුවන් එල්ලනවාට යුරෝපා සංගමයෙන් බලපෑම්

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව අනාවරණ වනවා. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල මෙරට නියෝජිතයින් විසින් ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්. 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ මරණ දඩුවමට එරෙහිව ශ්‍රී ලංකාව ජන්දය

මත්තල ඉන්දියාවට පැවරීම පාවාදීමක් / විමල්ගෙන් නිවේදනයක්

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට ලබා දීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟවීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් බවත්, එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීමට සමස්ත ජාතියම නැඟී සිටිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මේ

ග්ලයිෆොසේට් යලි සීමා කර අද තවත් ගැසට් නිවේදනයක්

සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය  යළි සංශෝධනය කිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆොසේට් භාවිතය සීමා කර නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.   '' ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දුවක්

ලංකා ගුරු සේවා සංගමයෙන් අද පොලිස්පතිට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය ජුලි 04 වනදා පැවැති අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක විරෝධතාවයට බාධා කළ බවට චෝදනා කරමින් අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ මෙම පහරදීමට හා බාධා කිරීමට අදාළව පොලිසිය විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ඒ හේතුවෙන්

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගනී

2018 පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට සුපිරි ප්‍රංශ කණ්ඩායම සමත්වුණා. ඒ අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4 ට 2ක් ලෙස පරාජය කරමින්. මෙහිදී ප්‍රංශය හිමිකරගත් එක් ගෝලයක් ක්‍රොඒෂියානු ක්‍රීඩකයකුගේ අත්වැරදීමකින් ඔහු සිය දැලටම පන්දුව යොමු කිරීමෙන් හිමිවීම විශේෂත්වයක්. ඒ නුව වසර 20කට පසුවයි ප්‍රංශය ලෝක කුසලානයක් යළි හිමිකර ගත්තේ. තරගයේ 18 වන මිනිත්තුවේදී ක්‍රොඒෂියානු

තවත් මත්කුඩු කිලෝ 1 යි ග්‍රෑම් 400ක් අත්අඩංගුවට

මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 416 ක් සේරුනුවර ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා. පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ සේරුනුවර සිනන්වැලි වෙරළේ දමා ගොස් තිබූ පාර්සල් 5ක් පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි. සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවයේ උසස් පෙළ අසමත් නිවැරදි ගණන 38 % ලු

මෙරට රාජ්‍ය සේවයේ නිරත පිරිස අතරින් සියයට 65 ක් උසස් පෙළ අසමත් බවට නිකුත් කළ සංඛ්‍යාලේඛන දෝෂ සහිත බව පිළිගනිමින් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවැරදි කිරීමක් සිදුකර තිඛෙනවා. නවතම වාර්තාවේ දැක්වෙන්නේ මෙරට රාජ්‍ය සේවයේ නිරත පිරිස අතරින් උසස් පෙළ අසමත් සියයට 38 ක් පමණක් බවයි. මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවල නිරත පිරිස

කුඩු කෙරුමන් 18 කගේ ලයිස්තුව භාරදෙයි / වෙලේසුදාත් ඒ අතර

මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මත්කුඩජු ජාවාරම්කරුවන් 18 දෙනකුගේ නම් ලයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමුකර තිඛෙනවා. දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුල සිට මත්කුඩු ජාවාරම මෙහෙයවීම සම්බන්ධව චෝදනා පවතින බවයි. ඊට සුසේයි නැමැත්තා හා වෙලේසුදාගේ නම්ද ඇතුලත් බව අදාළ වාර්තා අනාවරණ කරන්නේ. මෙම නම් ලයිස්තුව අධිකරණ අමාත්‍යාංශය විසින්

ග්ලයිෆෝසේට් තහනම ඉවතට

සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිඛෙනවා. ඒ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අනුවයි. පසුගිය 11වැනිදා නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ග්ලයිපොසේට් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම විශේෂත්වයක්. 2015 වසරේදී ගැසට් නිවේදනයක් මගින් රසායනික ග්ලෆෝසෙට් අඩංගු කෘමිනාශක සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රක් ම

2020 ජනපති සටනට ගෝඨාභය ස්ථිරයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කිරීමට තමන් සූදානමින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිඛෙනවා.ඒ වීරකේසරී පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්. මෙහිදී අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සදහන් කර ඇත්තේ එල් ටී ටී ඊ හිටපු නායක ප්‍රභාකරන් කිසිදා සාමයට එකග නොවූ බවයි. 1987 දී ඉන්දියානු මැදිහත්වීමෙන් ඇතිවූ තත්ත්වයන් ප්‍රයෝජනයට

රටේ පිහිටීමෙන් ආර්ථිකය ගොඩනැගිය හැකියි / අනුර කියයි-Audio

ශ්‍රී ලංකාවේ පිහිටීම හා මානව සම්පත නිසි පරිදි යොදාගන්නේ නම් කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කර ගත හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවැති හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

සවුදියේ ශ්‍රමිකයින්ට වාසි දෙමින් කම්කරු නීති දැඩිවෙයි

සවුදි අරාබියේ රැකියා සදහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් පීඩාවට පත් කිරීම හා නීති විරෝධී ආකාරයෙන් රදවා තබාගෙන සේවය ලබාගන්නා / වැටුප් නිසි පරිදි ලබා නොදෙන ආයතන හා පුද්ගලයින් පිළිබද දැඩි පියවර ගැනීමට එරට රජය තීරණය කර තිඛෙනවා. සෞදි විදේශ ගමන් බලපත්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ඒ අනුව විදෙස් ශ්‍රමිකයින්ට

විශේෂ මහාධිකරණයට මුලින්ම යැවෙන නඩු 2ක

ත්‍රිපුද්ගල මහාධිකරණයට අදාළව පිහිටුවූ පළමු මහාධිකරණයේ විභාග කිරීම සඳහා දැනට විමර්ශන හමාර ර තිබෙන නඩු දෙකක් පිළිබඳ නිර්දේශ ඉදිරි සතියේදී අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමුකරන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කරනවා. නීතිපතිවරයාගේ නිර්දේශය ගැන අගවිනිසුරුවරයා විසින් කරනු ලබන මූලික විමර්ශනයකින් පසු එම නඩු නව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා යටතේ විභාග කළ යුතුද යන්න

උතුරේ මහ ඇමති ඉත්තෙක්ද සැකයි ? මරික්කාර් කියයි – Audio

උතුරේ මහ ඇමතිවරයා දකුණේ ආණ්ඩු විරෝධී අන්තවාදී පිරිස් සමග යම් එකගතාවයකින් කටයුතු කරන බවට සැකයක් මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා. අද කොලඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.

මානව හිමිකම් කොමිසම මරණ දඩුවමට එරෙහි වෙයි

ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය පිළිබද කනස්සල්ල පල කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම කොමිසමේ සභාපතිනී දීපිකා උඩුගම මහත්මිය මේ බව අවධාරණය කර තිඛෙනවා. මේ එම සම්පූර්ණ ලිපියයි.

නව ක්‍රමයට පළාත් සභා ජන්දය මේ වසරේ බෑ

නව මැතිවරණ ක්‍රමට යටතේ පළාත් සභා ජන්දය පවත්වන්නේ නම් එය මෙම වසර තුල සිදුකළ නොහැකි බව රජයෙ ආරංචි මාර්ග අනාවරණ කරනවා. එම වාර්තාවල දැක්වෙන්නේ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පිළිබද සලකා බලන කමිටුව පවා මෙතෙක් පත්කර නොතිබීම මෙම තත්ත්වයට හේතුවන බවයි. කෙසේ වෙතත් පළාත් සභා ජන්දය පැරණි ක්‍රමයට පවත්වන ලෙස පක්ෂ ගණනාවක්ම ඉල්ලීම්

මුලින්ම එල්ලන්නේ කවුද ? තීරණය ජනපති අතේ

මරණ දඬුවම ස්ථිර වී සිටින සිරකරුවන් දහතුන්දෙනාගෙන් පළමුව මරණ දඩුවමට ලක් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශකයකු සදහන් කළේ ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදෙන ඕනෑම පුද්ගලයකු එම දඩුවමට ලක් කිරීමට දෙපාර්තමේන්තුව සූදානම් බවයි. මරණ දඩුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනා අතරින් 6 දෙනකු

Top