You are here
Home > ප්‍රධාන-පුවත්

සාලාව කදවුරේ පිපිරීමට හමුදාවේ 14කට විනය පියවර

2016 වසරේ ජුනි මස 5 වැනි දා රාත්‍රියේ කොස්ගම සාලාව යුද්ධ හමුදා කඳවුරේ පතරොම් ගබඩාව තුළ පිපිරීමක් ඇති වී සිදු වු මහා විනාශය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එම කඳවුරේ සිටි නියෝජ්‍ය සේනා විධායක බ්‍රි‍ගේඩියර්වරයා ඇතුළු හමුදාවේ දාහතර දෙනකු සම්බන්ධයෙන් විනයානුකුල ක්‍රියා මාර්ග ගැනිමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා නියෝග

පාතාලයට රැකවරණ දෙන ඇමති ගැන අගමැති නියමයෙන් පරීක්ෂණ

කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පාතාල සාමාජිකයන් 5 දෙනකු පුද්ගලික ආරක්ෂකයින් ලෙස තබාගෙන සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට උපදෙස් ලබාදී තිඛෙනවා.ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.. ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලන ලෙසත් එම කරුණ පිළිබඳවද තමන් දැනුවත් කරන ලෙසත්

පොලිසියට බාධා කළ ඇඹිලිපිටියේ සභාපති මාස 3ක් හිරේ

පොලිස් නිලධාරීන් දෙදනකුගේ රාජකාරියට බාධා කර පහරදීමේ චෝදනාව පිළිගත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල මහතාට මාස 3ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා. ඊට අමතරව සැකකරුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද ගෙවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. එම් කේ අමිල මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරග කර ජය ලබමින් ඇඹිලිපිිටිය

සිංගප්පූරුව වෙළද ගිවිසුමෙන් විදේශ වෘත්තිකයින්ට ඉඩක් නෑලු

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තබන ලද වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාදී නොමැති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළධ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන එම ගිවිසුමට අදාළ කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන

සියලු උපාධිධාරීන්ට රජයෙන් රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර තිඛෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. මෙහිදී බාහිර උපාධිධාරීන්ට කිසිදු වෙනසක් සිදු නොකරන අතර වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අදියර එක

පාතාල කල්ලි 15 ක 75 ක් බන්ධනාගාරවල සිට අපරාධ ක්‍රියාවල

මෙරට සියලු බන්ධනාගාර තුළ මේ වන විට පාතාල කණ්ඩායම් 15ක සාමාජිකයන් 130කට අධික පිරිසක් රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනාවරණ කරනවා. ඉන් පුද්ගලයන් 75 දෙනකු පමණ වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ත්‍රිත්වය තුළ තුල රදවා ඇති බවයි සදහන් වන්නේ. මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය බෙදා හැරීම් වැනි දූෂණ ක්‍රියාවන් වැඩි

බිළිදකුට බියර් පෙවූ නරුම පියා ඇතුලු 4ක් අත්අඩංගුවට

සාදයක් අතරතුරදී කුඩා දරුවකුට මත්පැන් පොවමින් එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා බව කියන පුද්ගලයකු හා තවත් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 313 ගනාන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙසේ සිය බිළිදු දරුවාට බියර් පොවා ඇති බවයි හෙළිව ඇත්තේ.දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය

බන්ධනාගාරයේ 27ක් ඝාතන සිද්ධියේ සැකකරුවන් යලි රිමාන්ඩ්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වයේදී රැදවියන් 27 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශඛ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 31 වනදා දක්වායි. කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය

විගණන පනතට කථානායකගෙන් අත්සන්

පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසුරිය මහතා අද සිය අත්සන යොදා තිඛෙනවා. කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ ඒ අනුව විගණන පනත මේ සමග බලාත්මක වන බවයි.

පාතාලයට ඔක්සිජන් දෙන ප්‍රබල ඇමතියෙක් ගැන අනාවරණයක්

පොලිසිය විසින් අත්අඩංගුවට ැගනීමට සොයමින් සිටි පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනකු ප්‍රබල අමාත්‍යවරයකුගේ පුද්ගලික ආරක්ෂකයින් ලෙස සේවය කරමින් සිටින බව අනාවරණවී තිඛෙනවා. ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියකු මාධ්‍ය වෙත අනාවරණ කළේ මෙම අමාත්‍යවරයා අදාළ පාතාල කල්ලි සාමාජිකයින් සමග සිටින ආකාරයේ ජායාරූපද පොලිසිය විසින් ලබාගෙන ඇති බවයි. මෙම පාතාල කල්ලි සාමාජිකයින් අතරට හිටපු පොලිස් කොස්තාපල්වරයකුද

2015 ජනපතිවරණ සමයේ චෙක් ගණුදෙනු පරීක්ෂණ අඛණ්ඩව/අගමැති

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිඛෙනවා. ඒ ඊයේ පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමුවේ විශේෂ ප්‍රකාශයක්

එල්ලනකම් විශ්වාස නෑ / ෆොන්සේකා එල්ලුම් ගස ගැන කියයි

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයන් නිකුත් වුවද අපරාධකරුවකු එල්ලුම් ගසේ එල්ලන තෙක්ම එය ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ලුණගම්වෙහෙර ජාතික උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්. ආණ්ඩුව විසින් මීට පෙර ගෙන එන ලද නීති අනුව පොලිතින් තහනමක් හා ඇස්බැස්ටෝස්

සිංගප්පූරු වෙළද ගිවිසුම ගැන අද කල් තැබීමේ විවාදයක්

ආණ්ඩුව විසින් සිංගප්පූරුව සමග අත්සන් තබන ලද වෙළද ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විවාදයේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය පැවැත්වෙනවා. මෙම ගිවිසුම හරහා මෙරට අවධානම් රැසකට ලක්වන බවටයි ඒකාබද්ධ විපක්ෂය ඇතුලු

නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයක්

2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රුාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් හම්බන්තොට වරායට සම්බන්ධ චීන සමාගම ඩොලර් මිලියන 7.6 ක් ලබාදුන් බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව අනිද්දා දිනයේදී විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා සදහන් කළේ. එක්සත් ජාතික පක්ෂය විසින් විවාදය ඉදිරිපත්

එල්ලුම් ගස් යන ලයිස්තුවේ මුල් තැන කාන්තාවකට

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද අනාවරණ කළා. ඒ කහවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි. මේ එහිදී අදහස් පල කළ අමාත්‍යවරිය. ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වුණා. අද පාතාලය කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි පාතාලය

ලසන්ත ඝාතනයේ සාක්ෂි සැගවූ පොලිස් ලොක්කෝ ඇප මත ගෙදර යයි

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අද ඇප මත මුදා හැරුණා. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. එම ඝාතනයට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේ මෙසේ ඔවුන්ට ඇප

හිටපු වධකයින් දෙන්නා යළි රස්සාව ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ඕනෑම මොහොතක ක්‍රියාත්මක කරන්නේ නම් වධක රාජකාරිය බාරගැනීමට තමන් සූදානම් බව එම සේවය හැරගොස් සිටින පුද්ගලයින් දෙදෙනා ප්‍රකාශ කරනවා. ඔවුන් පවසන්නේ තමන් යළි එම රාජකාරිය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බැවින් එම රැකියා යළි ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බවයි. මීගමුවේ සරත් පුෂ්පකුමාර හා බියගම යූ ඩී පද්මසිරි යන

ඉන්දියාවට දෙනවාට විරෝධය පා ඒකාබද්ධ මන්ත්‍රීවරු මත්තල යයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ වන විට මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ සංචාරයක නිරතවී සිටිනවා. එම වාර්තා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ මෙම සංචාරයට එක්ව සිටින බවයි. මත්තල ගුවන් තොටුපල බදු පදනම මත ඉන්දියාවට පැවරීමට විරෝධය දැක්වීම හා ඒ පිළිබද සොයා බැලීම මෙහි අරමුණ බවයි අදාළ වාර්තා සදහන් කරන්නේ.

ලංකාව අපට වඩා ජපානයට ණයයි – චීනයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ණය හා චීනය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිත බව දක්වමින් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පල කර තිඛෙනවා. එහි දැක්වෙන්නේ ලංකාව ඇතුලු චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියට අයත් රටවල් ණය උගුලකට හසුකරගන්නා බවට චීනයට එල්ල වන චෝදනා අසත්‍ය බවයි. ලංකාවේ ණය අර්බුධය චීනයේ මැදිහත්වීමෙන් සිදුවූවක් නොව ලංකාව

ඉල්ලීම් නොදුන්නොත් යළි බස් ගාස්තු වැඩිකිරීමක් ?

ඉන්ධන ගාස්තු වැඩිවීම හේතුවෙන් බස් කර්මාන්තය වධානමකට පත්වන බැවින් අදාළ සහන ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු යළි ඉහළ නංවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ඉන්ධන ගාස්තුව වැඩි කිරීම හේතුවෙන් කෙටි දුර ධාවන බස් රථයකට මසකට රුපියල් 22,500ක අලාභයක් සිදුවන බවයි. ඒ අනුව

Top