You are here
Home > විදෙස්ගත ලාංකිකයින්ට (Page 2)

ඔස්ට්‍රේලියාවට PR බාරගැනීම අඩු කිරීමේ තීරණයක්

ඔස්ට්‍රේලියානු වීසා අනුමත ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් එහි ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ අඩු වීමක් සිදුවිය හැකි බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකන්ගේ ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවනු ඇති බව වාර්තා වේ. මේ

අලුතින් හමුවූ ඉන්ධන නිධියෙන් බහරේනයට මහා ධනයක්

බහරේන් රාජ්‍යය තුලින් සොයාගත් නව තෙල් නිධිය තුල බන්ධන බැරල් බිලියන 80ක් පමණ පවතින බව තහවුරු කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මේ සමග බහරේනයේ ආර්ථිකය අපේක්ෂා නොකළ ආකාරයේ වර්ධනයක් අත් කර ගැනීම ස්ථිර බවයි. මෙසේ විශාල තෙල් නිධියක් සොයාගැනීමෙන් අනතුරුව ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන බලවත් රටවල් අතරින් දහවැනි ස්ථානයට පත් වීමට

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන 13 හා 14 යන දෙදින තුල වසා තිබෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ සිංහල අලුත් අවුරුද්ද මුල් කරගෙනයි. මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.

ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා /අදම අයදුම් කරන්න

විදේශ රැකියා අමාත්‍යාංශය සහ IM Japan ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බැවින්, ජපන් භාෂා ප්‍රවීණතා JLPT 4 හෝ NAT 4 සමත් ශ්‍රී ලාංකික තරුණයන්හට සාත්තු සේවක රැකියා අවස්ථාවන් උදා වී පවතිනවා. වයස අවුරුදු 18-30

දකුණු කොරියාවේ ලාංකිකයන්ට පණිවිඩයක්

දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ප්‍රජාව වෙනුවෙන් අප්‍රේල් මස පවත්වන පළමු තානාපති කාර්යාලයීය කොන්සියුලර් හා රැකියා සුබ සාධන ජංගම සේවාව ලබන 08 වනදා තේගු විශ්ව විද්‍යලයේදී පැවැත්වෙනවා. දහවල් 12 සිට පස්වරු 5 දක්වා මෙම ජංගම සේවාව පැවැත්වෙනු ඇති.

බ්‍රිතාන්‍යයේ වේල්ස් අපි අවුරුදු උළෙල අප්‍රේල් 14

බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති "වේල්ස් අපි" පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. අවුරුදු චාරිත්‍ර, ජාතික ක්‍රීඩා ,ළමා විවිධ ප්‍රසංගය, ළමා අවුරුදු

නොමිලේ ජපන් රැකියාවක් ගන්න නිවැරදි ක්‍රමය මෙන්න

ජපානය සැලකෙන්නේ ඉතා දියුණු රටක් ලෙසයි.එසේම ශ්‍රී ලංකාවේ මිතුරු රටක් ලෙසද ජපානය නම් කරනු ලබනවා. එවන් රටක රැකියා අවස්ථාවක් ලබා ගැනීම බොහෝ ලාංකිකයන්ගේ සිහිනයක් ලෙසයි සැලකෙන්නේ. කිසිදු මුදලක් ගෙවීමකින් තොරව එම අවස්ථාව නීත්‍යානුකූලව ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට හිමිව ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ඒ පිළිබද

දකුණු කොරියාවේ ලාංකිකයන්ටත් අවවාදයක්

දකුණු කොරියාවේ මේ වන විට බොහෝ දෙනා පාපැදි තමන්ගේ එදිනෙදා ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නවා..වැඩි දුර ප්‍රමාණයක් නොමැති තම කර්මාන්තශාලාවට..අසල වෙළදසැල් වලට මෙන්ම සති අන්තයේ යහළුවන් සමග විනෝදගමන් යාමටද අද බොහෝ කොරියානු ජාතිකයන් මෙන්ම විදේශිකයන්ද පාපැදිය භාවිතයට හුරු වෙලා..තම සෞඛ්‍යය තත්වය නගා සිටවීම උදෙසා ශාරීරික ව්‍යායාමයක් ලෙස බොහෝ දෙනා පාපැදි පැදීමට

සවුදියේ විදේශකයින්ගේ රැකියා අවධානමක් නෑලු

සවුදි අරාබියේ රජයේ ආයතනවල සේවය කරන විදෙස් ශ්‍රමිකයින් එම රැකියාවලින් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව එරට රජය නිවේදනය කර තිබෙනවා. පසුගියදා සවුදි රජය නිවේදනය කළේ එරට රජයේ රැකියා වැඩි ප්‍රමාණයක් සවුදි අරාබි වැසියන්ට ලබාදීමට කටයුතු කරන බවයි.ඳා එම තීරණය ස්ථිර එකක් වුවද විදෙස් ශ්‍රමිකයින් රැකියාවලින් ඉවත් කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන

මිසයිල ප්‍රහාරවලින් සවුදිය ආරක්ෂිතයිලු

හුදි කැරලිකරුවන් සවුදි අරාබිය ඉලක්ක කර ගනිමින් එල්ල කරන මිසයිල ප්‍රහාර පිළිබද ලෝක නායකයින් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ සවුදි අරාබියට එල්ලවූ මිසයිල ප්‍රහාර 7ක්ම සාර්ථකව මැඩ පැවැත්වීමට එරට හමුදා සමත්වීමෙන් පසුවයි. රියාද් හී වැඩි ජනගහනයක්වෙසෙන කලාප වෙතයි මෙම මිසයිල ප්‍රහාර ඉලක්ක කර තිබුණේ. කෙසේ වෙතත් සවුදි මිසයිල නාශක පද්ධතිය විසින් ඒවා

ඉන්නේ කුවේට් නම් රිය පදවන්නේ ප්‍රවේශමෙන්

කුවේට් රාජ්‍යයේ මාර්ග නිති වෙනසකට ලක්කරමින් කුවේට් රථ වාහන අධිකාරිය විසින් එරට වැසියන්ට නව නීති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කොට තිබේ. එම නීතියට අනුව මෝටර් රථ ධාවනය කිරීමේදි ජංගම දුරකථන භාවිතා කරන සහ බඳපටි නිසි පරිදි නොපළදින රියදුරන්ට එරෙහි දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් එම නීති මාර්තු 28 වෙනි දින සිට

ෆේස් බුක් කඩා වැටේ /රටවල් රැසකින් ප්‍රතික්ෂේප වන ලකුණු

තම සමාජ ජාලය භාවිතා කරන ග්‍රාහකයින්ගේ රහසිගත දත්ත දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අනාරක්ෂිත කිරීමේ චෝදනාව එල්ලවීමත් සමගම ෆේස් බුක් සමාගමට අහිතකර කාලයක් උදාවී තිබෙනවා. ඒ අනුව අමෙරිකාවේ ප්‍රාන්ත 37 කදී ෆේස් බුක් ගිණුම් ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් නිර්මාණයවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ අතර ෆේස් බුක් සමාගමේ කොටස් මිල සියයට 7කින් පහත

දකුණු කොරියාවේ ශ්‍රමිකයින්ගේ සේවා කාලය අඩු කෙරේ

දකුණු කොරියාවේ ශ්‍රමිකයින් සදහා වන සතියක වැඩ කාලය පැය 68 සිට පැය 52 දක්වා පහත හෙලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවාඩු දිනවලදී සේවය කිරීම වෙනුවෙන් සාමාන්‍ය වැටුප මෙන් සියයට 150ක වැටපක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.එම දිනවල පැය 8කට වඩා වැඩ කිරීම සියයට 200ක එදින වැටුප් ලැබීමට හේතුවක් ලෙසයි නම්

නීති විරෝධීව ඊශ්‍රායලයේ රැදුණොත් දැඩි පියවර

ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සදහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවත් රැකියා සදහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව  රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. ඊශ්‍රාලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා හිමිවූ තරුණයින් සදහා ගුවන් ටිකට්පත් බෙදාදීම සදහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේදී  පැවැති වැඩසටහනකදීයි ඔහු

විදෙස්ගතව මියගිය ලාංකිකයන්ට අදාල ලේඛන සදහා නව වැඩපිලිවෙලක්

විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට අදාළ ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමේ නව ක්‍රමවේදයක් විදේශ කටයුතු අමාත්‍යාංශය හදුන්වා දී තිබෙනවා. මේ ඊට අදාළව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි. විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී හෝ එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින්

සවුදි කාන්තාවන්ට නිදහස / හිජාබය හෝ බුර්කාව අනිවාර්ය නෑලු

සවුදි අරාබියේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳීම අවශ්‍යම නොවන අතර ඉස්ලාමීය ගෞරවය පෙන්නුම් කරන යහපත් / සුදුසු ඇඳුමක් ඇඳීම පමණක් ප්‍රමාණවත් බවට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිදුකළ ප්‍රකාශය එරට කාන්තාවන්ගේ හා සංවිධාන රැසක ප්‍රසාදයට පත්ව තිබෙනවා. සවුදි අරාබියේ කාන්තා ක්‍රියාකාරීණියන් පවසන්නේ මෙය සවුදි කාන්තාවන් ඉල්ලා සිටි අයිතියක්

එමිරේට්ස් සිට ඩුබායි තෙක් දුම්රිය මාර්ගයක්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට සෞදි අරාබිය දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර තිඛෙනවා. ඒ අනුව 2021 වන විට මෙම ඉදිකිරීම් අවසන් කරන බවයි ඩුබායිහි පැවැති මාධ්‍ය හමුවක දී එරට ඉඩම් හා නාවික ප්‍රවාහන ෆෙඩරල් අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළේ. කිලෝමීටර 2100ක දිගකින් යුක්තව රටවල් 6ක් හරහා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. ඒ

වෙසක් සමරන්න අබුඩාබියේ ලාංකිකයන් කලින්ම සූදානම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඊට අනුබද්ධ බුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම තෙවන වරටත් සංවිධනය කරන වෙසක් සංස්කෘතික මංගල්‍යය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ ඒ සම්බන්දයෙන් අබුඩාබි තානාපති කාර්යාලය නිකුත් නිවේදනයක්.

ඉතාලියේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඉතාලියේ රැදී සිටින සියලු ලාංකිකයින්ට මිලාන් කොන්සල් කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිඛෙනවා. ඒ ලබන අප්‍රේල් හා මැයි මාසයේදී කොන්සල් කාර්යාලය වසා තැඛෙන දින පිළිබදයි. මේ එම නිවේදනයයි.

සවුදියේදී තවත් විදෙස් ශ්‍රමිකයකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවූ බව කියන ඉන්දුනීසියානු ජාතිකයකු සවුදි අරාබියේදී හිස ගලා දමා මරණ දඩුවමට ලක් කර තිඛෙනවා. මොහොම්මඩ් සහිනී මිස්රින් නැමැත්තකු මෙසේ මරණ දඩුවමට ලක් කර ඇත්තේ ඔහුගේ මව් රට වන ඉන්දුනීසියාවේ රජයට පවා දැනුම්දීමෙන් තොරවයි. මෙම තැනැත්තාට එරෙහි චෝදනා නිසි පරිදි විභාග වී නොමැති බවටද චෝදනා එල්ලවනවා. එහෙත් සැකකරු 2008 වසරේදී

Top