You are here
Home > විදෙස් (Page 2)

විද්‍යාඥයන් කැලඹේ /අගහරු මත ජලය පිරි ජලාශයක් හමුවෙයි

පෘථවියෙන් බැහැර ස්ථානයක මුල්වරට දියර සහිත ජලය පවතින බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිඛෙනවා. ඒ අගහරු ග්‍රහයාගේ දකුණු කොටසේ කිලෝමීටර 20ක් පළල විශාල ජලාශයක් හදුනාගැනීම සමගයි.මෙම ජලාශයේ ඉහල කොටස අයිස් වශයෙන් පෙනුනද එහි පහළින් ජලය පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ. Purdue සරසවියේ ගගන විද්‍යාඥ  Briony Horgan සදහන් කරන්නේ මෙම සොයා ගැනීම හේතුවෙන් අගහරු මත නිසැකවම

වේල්ල පිපිරීමෙන් මරණ 20ක් / 100 ක් ආගිය අතක් නෑ

ලාඕසයේ ජල විදුලි බලාගාර ජලාශයක වේලක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විටත් පුද්ගලයින් සිය ගණනක් අතුරුදන්ව සිටින බවයි. ගම්මාන 12ක් මෙම දැවැන්ත ජල කද හේතුවෙන් විනාශවී ඇති අතර මරණ ප්‍රමාණය වර්ධනය විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. තවදුරටත් බොහෝ පිරිස් නිවාස වල

වේල්ලක් පුපුරයි / සිය ගණනක් අතුරුදන්

ලාඔ්සයේ ජල විදුලි බලාගාරයකට අයත් දැවැන්ත වේල්ලක් පුපුරායාම හේතුවෙන් සිය ගණනක් අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වර්තා කරනවා. මේ වන විටත් වේල්ල කැඩී යාම හේතුවෙන් පුද්ගල මරණ රැසක්ද වාර්තාවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එම වේල්ල පහල කලාපයට මේ වන විටත් දැවැන්ත ජල ධාරාවක් ගලා යමින් පවතින අතර ජනතාවට ආරක්ෂිත උපදෙස් ලබාදීමද

ග්‍රීසිය ගිනි ගනී / 50ක් මරුට – 170කට තුවාල

ග්‍රීසියේ ඇතන්ස් හී වුඩ්ලන්ඩ් කලාපයේ පැතිර යන ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු මරණයට පත්ව තිඛෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ තවත් 170 දෙනකු තුවාල ලබා ඇති බවයි. තුවාලකරුවන්ගෙන් 11 දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව සදහන්. ස්ථාන 15කින් සෙස ගින්න පැතිරයාම ආරම්භවී ඇති අතර ඉන් ස්ථාන 3ක ගින්න බරපතල ලෙස ව්‍යාප්තවී තිබුණා. ගිනි නිවන

කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදනකු මරුට / 13කට තුවාල

කැනඩාවේ ටොරොන්ටෝ හී ග්‍රීක්ටවුන් දිස්ත්‍රික්කයේදී සන්නද්ධ පුද්ගලයකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් දෙදනකු මියගොස් 13 දෙනකු තුවාල ලබා තිඛෙනවා. විදෙස් වාර්තා පවසන්නේ මිය ගිය අය අතරට ප්‍රහාරකයාද ඇතුලත් බවයි. සිද්ධියෙන් මිය ගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂන

පිළිකා පරදන්න ඊශ්‍රායලයෙන් නව ප්‍රතිකාරයක්

බරපතල ජානමය රෝග සුවකළ හැකි විස්මිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට ඊශ්‍රෘයල පර්යේෂකයින් කණ්ඩායමක් සමත්ව තිඛෙනවා. ඒ අනුව මිනිස් සිරුරේ ජානවල පවතින සූක්ෂම ෙසෙල පවා කොටස්වලට වෙන් කර හදුනා ගනිමින් ප්‍රතිකාර ලබාදීමට මේ යටතේ හැකියාව පවතින බවයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ. ඊශ්‍රායලයේ Weizmann Institute ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර තිඛෙනවා. මේ දක්වා

තායි ලෙනේ වීරයෝ දැවැන්ත සිතුවමක් වෙලා

තායිලන්තයේ ලෙනක සිරවූ දරුවන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ වීර කිමිදුම්කරුවන් කණ්ඩායම අගය කරමින් ඔවුන්ගේ දැවැන්ත සිතුවමක් නිර්මාණය කර තිඛෙනවා. චියෑන්ග් රායි විසින් නිර්මාණය කළ සිතුවම තුල ගලවා ගැනීමේ මෙහෙයුමේ දර්ශනයන්ද ඇතුලත්වීම විශේෂත්වයක්. මේ එම විස්මිත සිතුවමයි.

ටයිම්ස් සගරාවෙන් ට්‍රම්ප් – පුටින් කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වීම ලෝකයේම අවධානය දිනාගත්තා. එහෙත් ඒ පිළිබද අමෙරිකානු මාධ්‍ය පල කළේ අප්‍රසාදය මුසු ප්‍රතිචාරයක්. මෙවර ටයිම්ස් සගරාවද සිය මුල් පිටුව සරසා ඇත්තේ ට්‍රම්ප් / පුටින් මුහුණකිනුයි. එහි විශේෂත්වය වන්නේ එකම මුහුණ තුල නායකයින් දෙදෙනාගේම මුහුණු දැක්වීමයි. මේ එම මුල්

ඉන්දීයාවේ යුධ නැව් ගිල්ලන ත්‍රස්ත සැලසුමක් හෙලිවේ

ඉන්දියාවේ යුධ නෞකා සහ වරායන්ට පහරදීම සදහා ජායිෂ් ඊ මොහොම්මඩ් ත්‍රස්ත සංවිධානය සිදුකරන සැලසුමක් පිළිබද අනාවරන කරගෙන තිඛෙනවා. ඒ අනුව මේ වන විටත් කිමිදුම්කරුවන් උපයෝගී කර ගනිමින් ත්‍රස්තවාදීන් ඉන්දියාවට ආසන්න ගැඹුරු මුහුදේ මෙම පෙරහුරු සිදුකරන බවයි ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණ කරගෙන ඇත්තේ. ඒ සමග විශේෂ සෝනාර් හා උපක්‍රම යොදා ගනිමින් ඉන්දියාවේ

සියවසේ විශිෂ්ටයාට 100යි / ලොවම මතකය සිහිකරයි

ලොව විශිෂ්ට චරිතයක් ලෙස සැකලෙන දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සියවන ජන්ම දිනය අද ලොව පුරා සමරනු ලැබුවා. ඒ ඔහුගේ විශිෂ්ට මෙහෙවර අගය කරමිනුයි. 1918 වසරේ ජුලි 18 වනදා උපත ලැබූ නෙල්සන් මැන්ඩෙලා මහතා 2013 වසරේ දෙසැම්බර් මාසයේදී මරණයට පත්වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 95 ක්. දකුුණු අප්‍රිකානු රාජකීය පෙළපතක

තායි ලෙනෙන් ඛේරාගත් දරුවන් රෝහලින් මුදා හැරෙයි

දින 18 කට ආසන්න කාලයක් පොලව අභ්‍යන්තරයේ ගුහාවක සිරව සිට ඛේරාගත් තායිලන්තයේ වයාල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායමේ සිසුන් අද රෝහලෙන් පිටත්ව ගියා. ඒ වෛද්‍යවරුන් විසින් ඔවුන් නීරෝගී තත්ත්වයෙන් පසුවන බව තහවුරු කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත් ඔවුන්ට මාසයක් ගතවන තුරු මාධ්‍යවේදීන් හමුවීමට ඉඩ ලබා නොදෙන ලෙසයි වෛද්‍යවරුන් දෙමාපියන්ට දැනුම්දී ඇත්තේ. ඒ ඔවුන්ගේ මානසික තත්ත්වය යළි

දිල්ලියේ මහල් 6ක ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් 6 ක ගොඩනැගිල්ලක් කඩා වැටී තිඛෙනවා. එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කළේ අනතුරින් 3 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවයි. ඒ අතරට එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පෙර පාසලක් හා එහි සිසුන්ද වන බවයි සැලකෙන්නේ. කඩා වැටුනු ගොඩනැගිල්ල තවත් ගොඩනැගිල්ලක ගැටීම හේතුවෙන් ඊටද හානි

ධනවත්ම මිනිසාට තවත් සල්ලි වැස්සක්

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් ඛෙසොස් ඊයේ දිනය වන විට වාර්තාගත ධනයකට හිමිකම් කීමට සමත්ව සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා. ඒ මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම ධනයක් හිමි පුද්ගලයා බවට පත්වෙමිනුයි. ඒ අනුව ඔහු සතු වත්කම ඊයේ දිනයේදී දැක්වුණේ ඩොලර් බිලියන 150ක් ලෙස වන අතර එවන් ධනයක්

ෙඓතිහාසික හමුවේදී පුටින්ගෙන් ට්‍රම්ප්ට පාපන්දුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් මහතා අතර ෙඓතිහාසික හමුව පින්ලන්තයේදී සිදුවුණා. එහිදී නායකයින් දෙපල අතර දීර්ඝ සාකච්ජාවක් පැවැත්වුණු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. සාකච්ජාවෙන් අනතුරුව ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ මේ දක්වාම දෙරට අතර සබදතා ඉතා නරක තත්ත්වයක පැවැති බවයි. එහෙත් නායකයින් දෙපලගේ සාකච්ජාවෙන් පසු

එක් මිනිසෙක් නිසා දවසට කිඹුලන් 300ක් මරලා

ඉන්දුනීසියාවේ සොරොන්ග්හී පුද්ගලයකු කිඹුලන් විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් කෝපයට පත් ගම්වාසීන් විසින් කිඹුලන් 300 දෙනකු එක් දිනයක් තුල ඝාතනය කර තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මිය ගිය පුද්ගලයාගේ අවමගුල් දිනයේදී කෝපයට පත් ගම්වාසීන් විසින් මෙසේ කිඹුලන් සොයා ඝාතනය කර ඇති බවයි. මෙම ගම්මානය ආසන්නයේ පවතින කිඹුලන් වගා කිරීමේ මධ්‍යස්ථානයක් හේතුවෙන්

ලෙනෙන් ඛේරුණු දරුවන් මියගිය වීරයා වෙනුවෙන් හඩයි

තායිලන්තයේ ලෙනක් තුල දින 18 ක් සිරව සිට දිවි ඛේරාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඔවුන් ඛේරා ගැනීමේ මෙහෙයුමේදී මරණයට පත්වූ නාවික කිමිදුම්කරු සමන් ගුණාන් සිහිකිරීමට එක්ව තිඛෙනවා. ඒ අනුව අද දිනයේදී ඔවුන් සියලු දෙනා කිමිදුම්කරුගේ ජායාරූපයකට ගෞරව දැක්වූ බවයි බි බී සී පුවත් සේවය වාර්තා කළේ. එහිදී දරුවන් සියලු දෙනා

ගායකයකු වැලඳගත් සවුදි තරුණියක් දෙවසරක් හිරගෙට

සවුදි අරාබියේ පොප් ගායකයකු ප්‍රසිද්ධියේ වැළදගත් බව කියන කාන්තාවකට එරට අධිකරණය විසින් වසර 2ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා. එමෙන්ම ඇයට සවුදි රියාල් ලක්ෂයක දඩයක්ද නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පසුගියදා පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇය ඉරාක ගායකයකු වන මජීඩ් අල් මුහන්දිස් වැළදගෙන තිබුණේ වේදිකාවට දිව යමිනුයි. ඒ අනුව සවුදි අරාබි නීතියට අනුව

වැඩිම දියමන්ති යෙදූ මුද්ද සාදා ඉන්දියාවෙන් වාර්තාවක්

කුඩා දියමන්ති 6690 ක් යොදා ගනිමින් නෙලුම් මලක ස්වරූපයකින් රන් මුදුවක් සාදා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය ජාතිකයින් දෙදනකු සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මේ සදහා කැරට් 18 රන් හා දියමන්ති යොදාගෙන ඇති බවයි. මාස 6ක කාලයක් තුල නිමවා ඇති මෙම දියමන්ති මුදුවේ වටිනාකම ඩොලර් 4,116,787 ක්.

චීනයේ රසායනික කම්හලක පිපිරීම් රැසක් / 19ක් මරුට

නිරිත දිග චීනයේ රසායනික නිෂ්පාදන කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමෙන් 19 දෙනකු මරණයට පත්ව තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ තවදුරටත් එහි දැවැන්ත පිපිරීම් සිදුවන බවයි. විනාඩි 10ක කාලයත් තුල එහි නව පිපිරීම් 10ක් සිදුවූ බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ. මේ වන විට ආසන්න කලාපයෙන් සිියලු දෙනා ඉවත් කර ගින්න පාලනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

සම්මාන දිනූ ලෝකයේ කැතම සුනඛයා මිය යයි

ලෝකයේ කැතම සුනඛයා ලෙස සම්මනයට පාත්‍රව සිටි සා සා නම් සුනඛයා මරණයට පත්ව තිඛෙනවා. මෙම සුනඛයාට ලෝකයේ කැතම සුනඛයා සම්මානය හිමිවූයේ ලෝකයේ කැතම සුනඛයා තේරීම සදහා අමෙරිකාවේදී පැවැති තරගාවලියකදීයි. ඒ අනුව මෙම සත්ත්වයා එම තරගය ජය ගනිමින් වාර්තා අතරටද එක්වුණා. එහිදී ඩොලර් 1,500 ක ත්‍යාගයක්ද සාසාට හිමිව තිබුණා. කෙසේ වෙතත් තරගාවලියේ සංවිධායකයින්ට තරගය නැවත

Top