You are here
Home > ආසන්න-පුවත් > E නිවුස් තහනම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ

E නිවුස් තහනම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකා පාඨකයන්ට කියැවීම අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් අරඹා තිඛෙනවා.

එහි සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ප්‍රකාශ කළේ කොමිසම සතු බලතල අනුව එම තහනම පිළිබඳව මාධ්‍යවල පළවූ වාර්තා පදනම් කර ගනිමින් කිසිවෙකුගේ පැමිණිල්ලකින් තොරවම මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ එම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට මුල් වූ හේතුව සහ එය සිදුකළ ආකාරය පිළිබඳව අදාල ආයතන වලින් තොරතුරු ඉල්ලා ඇති බවත් එම තොරතුරු ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවයි.
මෙම වෙබ් අඩවිය පසුගිය රජය සමයේදීත් වාරණයට ලක්වූ අතර මේ එය වාරණයවූ දෙවන අවස්ථාවයි.
එහි අන්තර්ගතය කවර අකාර වුවද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක් ලෙසයි මෙම තහනම සැලකිය හැකිවන්නේ.

Top