You are here
Home > උණුසුම් පුවත් > ETI ලොක්කන්ගේ රට ගමන් තහනම දික්වෙයි

ETI ලොක්කන්ගේ රට ගමන් තහනම දික්වෙයි

එදිරිසිංහ ට්‍රස්ට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් Edirisinghe Trust Investments (ETI) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 4 දෙනාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද යළිත් දීර්ඝ කෙරුණා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
මෙසේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරුනේ ජීවක එදිරිසිංහ , දීපා එදිරිසිංහ , නාලක එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අයටයි.
2011 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීතිය හා රෙගුලාසී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම අධිකරණ ක්‍රියාමාර්ගය අනුගමනය කෙරෙනවා.

Top