You are here
Home > ක්‍රීඩා-පුවත් > FIFA 18 වන තරගය – වාර්තාවක් තබමින් රොනාල්ඩෝ පෘතුගාලය දිනවයි

FIFA 18 වන තරගය – වාර්තාවක් තබමින් රොනාල්ඩෝ පෘතුගාලය දිනවයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 17 වන තරගයෙන් ජය හිමි කර ගැනීමට ප්‍රබල පෘතුගාලය සමත්වුණා.
ඒ මොරොක්කෝව ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ වාර්තාවූ එකම ගෝලය වාර්තා කරන ලද්දේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින්.
ඒ අනුව පෘතුගාලය මීට පෙර සහභාගී වූ තරගයේ වාර්තා කළ ගෝල 3 ද සමගින් රොනාල්ඩෝ මෙවර තරගාවලියේ තරග 2කදී ගෝල 4ක් රැස් කරගෙන තිබෙනවා.
එසේම වෙනත් කිසිදු පෘතුගාල ක්‍රීඩකයෙක් මෙවර තවමත් ගෝලයක් වාර්තා කර නොතිබීමද විශේෂත්වයක් වනවා.
මේ අතර අද තරගයේ ගෝලයත් සමග යුරෝපයේ පාපන්දු ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවේ හිමිකරු බවටද රොනාල්ඩෝ පත්වුණා.
ඒ ගෝල 85 ක් රැස් කරමින්.

Top