You are here
Home > ක්‍රීඩා-පුවත් > FIFA 2018 -23 තරගය- ආර්ජන්ටිනාව පරාදයි / තරගාවලියෙන් ඉවතට ?

FIFA 2018 -23 තරගය- ආර්ජන්ටිනාව පරාදයි / තරගාවලියෙන් ඉවතට ?

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 23 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ක්‍රොඒෂියාව සමත්වුණා.
ඒ ප්‍රබල ආර්ජන්ටිනාව ගෝල 3 ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ දෙවන අර්ධයේ 53, 80 හා අවසන් මිනිත්තුවේදීයි ක්‍රොඒෂියාව සිය ගෝල වාර්තා කළේ.
මෙය 1958 වසරෙන් පසු ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික අධියරේදී ලද දරුණුතම පරාජයයි.
එසේම ක්‍රෝඒෂියාව දකුණු අමෙරිකානු රටකට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද මෙය වනවා.
මේ සමග ආර්ජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියේ පලමු වටයෙන්ම ඉවතට විසිවීමේ අවධානමක්ද මතුව තිබෙනවා.

Top