FIFA 2018 -26 – අවසන් මිනිත්තුව ස්විස්ටර්ලන්තයට ජය ගෙනෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 26 වන තරගයෙන් ජය ලැබීමට ස්විස්ටර්ලන්තය සමත්වුණා.
ඒ ගෝල 2 ට 1ක් ලෙස සයිබීරියාව පරාජයට පත් කරමින්.
තරගයේ 5 වන මිනිත්තුවේදී සයිබිරියාව සිය ගෝලය වාර්තා කළ අතර ස්විස්ටර්ලන්තය සිය මුල් ගෝලය වාර්තා කළේ 52 වන මිනිත්තුවේදීයි.
එහෙත් අවසන් මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළ ස්විස්ටර්ලන්තය තරගය ජයගත්තා.
මෙය 2017 වසරෙන් පසු ස්විස්ටර්ලන්තය සහභාගීවූ තරග 24 කින් ජය ලැබූ 17 වන තරගයයි.
අනෙක් තරගවලින් 6ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර එරට පරාජයවී ඇත්තේ එක් තරගයක් පමණයි.