You are here
Home > ක්‍රීඩා-පුවත් > Fifa 2018 -30 වන තරගයේදී එංගලන්තයට ඉතිහාසගත ජයක්

Fifa 2018 -30 වන තරගයේදී එංගලන්තයට ඉතිහාසගත ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට නවකයන් වන පැනමාව ගෝල 6 ට එකක් ලෙස පරාජය කරමින් සිය හොදම පාපන්දු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය අද සමත් වුණා.
ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 30 වන තරගයේදීයි.
මෙහිදී තරගයේ 22 , 45 හා 62 වන මිනිත්තුවලදී ගෝල 3ක් වාර්තා කිරීමට හැරී කේන් සමත්වුණා.
ජෝන් ස්ටෝන් 8 වන හා 40 වන මිනිත්තුවලදී ගෝල 2ක් ලබාගත් අතර ජෙසී ලින්ගාඩ්ද එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගත්තා.
පැනමාව වෙනුවෙන් පිලිප් බාලොයි 78 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර එය පැනමාව ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් පලමු ගෝලයයි.
මෙය එංගලන්තය මෙතෙක් පාපන්දු තරගයකදී ලබාගත් දැවැන්තම ජයග්‍රහණයද වීම විශේෂත්වයක්.

Top