FIFA 2018 -34 තරගය -රුසියාවේ වැරදීමෙන් උරුගුවේට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 34 වන තරගයෙන් සත්කාරක රුසියාව පරදා විශිෂ්ට ජයක් ලැබීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.
ඒ ගෝල 3 ට 0ක් ලෙසයි.
තරගයේ 10 වන , 23 වන හා 90 වන මිනිත්තුවලදීයි උරුගුවේ කණ්ඩායම සිය ගෝල වාර්තා කළේ.
ඒ අතරින් දෙවන ගෝලය රුසියානු ක්‍රීඩකයකු විසින් අත්වැරදීමකින් පන්දුව සිය ගෝලයටම යොමු කිරීම හේතුවෙන් උරුගුවේ කණ්ඩායමට හිමිවුණා.
මෙය 1982 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියක සත්කාරක රාජ්‍යය තම කාණ්ඩයේ මුල් තැනට පත්වීමට අසමත්වූ පළමු අවස්ථාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *