FIFA 2018 – 42 තරගයෙන් ලෝක ශූර ජර්මනිය ගෙදර යයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 42 වන තරගයෙන් දකුණු කොරියාව ජයගත්තා.
ඒ ජර්මනිය ගෝල 2 ට 0 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 90 වන මිනිත්තුවෙන් පසු දකුණු කොරියාව මෙම ගෝල 2ම වාර්තා කිරීම විශේෂත්වයක්.
ඒ අනුව 1938 වසරෙන් පසු ඉතිහාසයේ පළමු වරටයි ජර්මනිය තරගාවලියේ පලමු වටයෙන්ම ඉවත්වීම මෙවර සිදුවුණේ.
එසේම 2014 ලෝක ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක්වූ ජර්මනියට අත්වූ ඉරණම විශේෂ අවධානයකටද ලක්ව තිබෙනවා.