You are here
Home > ක්‍රීඩා-පුවත් > ICC ය චන්දිමාල්ට පාඩමක් උගන්වයි / එක්දින තරග 4කුත් තහනම්

ICC ය චන්දිමාල්ට පාඩමක් උගන්වයි / එක්දින තරග 4කුත් තහනම්

කොදෙව් පිල සමග පැවැති පලමු ටෙස්ට් තරගයේදී පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් / පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහට එක්දින තරග 4 ක තහනමක්ද පනවා තිඛෙනවා.
අයි සී සී ය නිවේදනය කළේ ඔවුන්ට සෘෘණ ලකුණු 6 බැගින්ද ප්‍රධානය කළ බවයි.
මේ වන විටත් චන්දිමාල්ට සෘෘණ ලකුණු 10ක් හිමිව ඇති අතර ඒ අනුව ඔහු සෘෘණ ලකුණු 12කට ලගාවුවහොත් තවත් ටෙස්ට් තරග 3ක් හා එක්දින තරග 6ක්ද තහනම් කෙරෙනු ඇති.
ඒ අනුව ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලියේ මුල් තරග 4ද අහිමි වනවා.
දිනේෂ් චන්දිමාල්ගේ හා ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයින්ගේ ක්‍රියාව හේතුවෙන් ලංකාවේ ක්‍රිකට් ඉදිරියේ පැවැති ජාත්‍යන්තරයේ පිළිගත් නම විනාශවූ බවටයි විචාරකයින් චෝදනා කරන්නේ.
ඒ අනුව මෙම තහනම සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක්ම ප්‍රසාදය පල කර තිඛෙනවා.

Top