You are here
Home > Posts tagged "විදෙස්ගත ලාංකිකයින්ට"

කොරියානු රැකියා ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත. දකුණු කොරියාවේ

රට යන ගෘහ සේවිකාවන්ට නිල ඇදුමක් නෑ / කාර්යාංශය කියයි

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හදුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා. විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බදවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයින් සදහාද ඒ ආකාරයේ නිල ඇදුමක් හදුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා. මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන කාන්තාවන් පිරිසක්

සවුදියේ ශ්‍රමිකයින්ට වාසි දෙමින් කම්කරු නීති දැඩිවෙයි

සවුදි අරාබියේ රැකියා සදහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් පීඩාවට පත් කිරීම හා නීති විරෝධී ආකාරයෙන් රදවා තබාගෙන සේවය ලබාගන්නා / වැටුප් නිසි පරිදි ලබා නොදෙන ආයතන හා පුද්ගලයින් පිළිබද දැඩි පියවර ගැනීමට එරට රජය තීරණය කර තිඛෙනවා. සෞදි විදේශ ගමන් බලපත්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ඒ අනුව විදෙස් ශ්‍රමිකයින්ට

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකිකයකු කොටුවෙයි

කුවේට් රාජ්‍යයට නීති විරෝධීව ඇතුලුවූ ලාංකිකයකු ෆාවනියා හීදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇරබ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ මෙම ලාංකිකයා සතුව තිබූ එරට වීසා බලපත්‍රයට අනුව තවත් දින කිහිපයකින් එය නිමාවන බව දක්වා තිබුණද එම වීසා බලපත්‍රය වසරකට පෙර අවසන්ව ඇති බව සිදුකළ පරීක්ෂාවේදී අනාවරණ වූ බවයි. ඒ අනුව අත්අඩංගුවට

ලාංකිකයින්ට වංචා කරන සංවිධාන පිළිබඳව තොරතුරු

සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට වංචා කරන සංවිධානයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ. විදෙස් ශ‍්‍රමිකයින් සුරැකීමේ සංවිධානයන් ලෙස විවිධ නම්වලින් හෝ ෆොර්න් ක්ලබ් ලෙස හඳුන්වන ආයතන විසින් ඉතාලියේ ප‍්‍රංශයේ මෙන්ම

උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවට

ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සටහන් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දකුණු කොරියාවට පැමිණ තිබෙනවා. ඒ අනුව 1953 කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවට පැමිණි පලමු උතුරු කොරියානු නායකයාද ඔහුයි. උතුරු හා දකුණු කොරියානු සාකච්ඡා සඳහා දෙරට අතර යුධ මුක්ත කලාපයට කිම් ජොන්ග් අන් පැමිණි අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජායේ-ඉන් විසින්

මලයාසියානු යානයක් කත්මණ්ඩු ගුවන් පථයෙන් පිටතට පනී

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ මලයාසියානු ගුවන් සේවයට අයත් යානයක් එම ගුවන් තොටුපලට ගොඩබෑමේදී ගුවන් ධාවන පථයේ ඇදීගොස් අවධානමකට ලක්වීමත් සමගයි. ඒ වන විටත් යානයේ මගීන් ඇතුලු 139 දෙනකු රැදී සිට තිබෙනවා. ගුවන් පථයෙන් එපිට පවතින මඩ තට්ටුවක යානය මේ වන විට සිරව ඇති අතර එහි සිටින පිරිස් ආරක්ෂිත

බැංකුවට වැරදිලා/ කෝටි 5250 ක් ගිණුමකට දාලා

ජර්මනියේ ඩොයිෂ් බැංකුවේ මුදල් හුවමාරුවකදී අත්වැරදීමකින් ඩොලර් බිලියන 35ක මුදලක් වෙනත් ගිණුමකට බර කර තිබෙනවා. එම බැංකුව නිවේදනය කළේ බැංකුවේ මුදල් අභ්‍යන්තර ගිණුම් දෙකක් අතර හුවමාරු කිරීමේදී එම දැවැන්ත මුදල ගණුදෙනුකරුවකුගේ ගිණුමකට තැන්පත්ව තිබූ බවයි. කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුල මෙම දෝෂය හදුනාගෙන ඇති අතර වහාම යළි එම මුදල් බැංකුවේ ගිණුමට ලබා

ස්විස්ටර්ලන්තයේ රිය අනතුරකින් ලාංකිකයින් 12කට තුවාල

ස්විස්ටර්ලන්තයේ සූරිච් හීදී සංචාරකයින් ගමන් ගත් බස් රථයක් ට්‍රක් රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ලාංකිකයින් 12 දෙනකු ඇතුලු 15 දෙනකු තුවාල ලබා තිබෙනවා. චැනල් නිවුස් ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේ වින්ටර්ට්හර් ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි. ඒ වන විට සංචාරකයින් රැගත් බස් රථයේ 40 දෙනකු රැදී සිට තිබෙනවා. තුවාලකරුවන් අතරින් එක් කාන්තාවකගේ තත්ත්වය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දෙන්න ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මීට පෙර ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වූ ආකාරයට දැන් එය සිදු නොවන බවත්, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේදී ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් හදුන්වාදීම ඉතා වැදගත් බවත් එරට බහුසංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ඇලන් ටුඩ්ගේ පවසයි. සංක්‍රමණිකයින් සතු ඉංග්‍රීසි භාෂා දැනුම අවම වීම හේතුවෙන් මේ ගැටලුව තවත් අයහපත් විය හැකි බවත්, ඒ

සවුදියේ අද සිට සිනමා ශාලා විවෘතයි

35 වසරකට පසු ප්‍රථම වරට අද සෞදි ආරාබියේ සිනමා ශාලාවක් විවෘත කෙරෙනවා. ඒ අනුව අද සිට එරටදී  සිනමා ලෝලීන් වෙනුවෙන් ‘Black Panther’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදු වන්නේ, ඉදිරි අවුරුදු 5 තුළදී සෞදියේ නගර 15ක් ආවරණය කරමින් සිනමා ශාලා 40ක් විවෘත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ පළමු පියවර ලෙසයි. වසර 2030

කුවේට් රාජ්‍යයේ විදෙස් ශ්‍රමිකයින්ට නව නියමයක්

කුවේට් රාජ්‍යයේ මහ නගර සභා කලාපය තුල බැල්කනිවල රෙදි වේලීම සිදු කරන පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීමට නීති සම්පාදනය කර තිබෙනවා. එම නියමය කඩ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව කුවේට් ඩිනාර් 100 සිට 300ක් දක්වා වු දඩ මුදලක් අයකරන බවයි කුවේට් මහනගර සභාව නිවේදනය කර ඇත්තේ. මෙය එරට තුල සේවයේ නිරත විදේශිකයින්ගේ ක්‍රියාකාරකම්

ඔස්ට්‍රේලියාවට PR බාරගැනීම අඩු කිරීමේ තීරණයක්

ඔස්ට්‍රේලියානු වීසා අනුමත ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් එහි ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ අඩු වීමක් සිදුවිය හැකි බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකන්ගේ ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවනු ඇති බව වාර්තා වේ. මේ

අලුතින් හමුවූ ඉන්ධන නිධියෙන් බහරේනයට මහා ධනයක්

බහරේන් රාජ්‍යය තුලින් සොයාගත් නව තෙල් නිධිය තුල බන්ධන බැරල් බිලියන 80ක් පමණ පවතින බව තහවුරු කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ මේ සමග බහරේනයේ ආර්ථිකය අපේක්ෂා නොකළ ආකාරයේ වර්ධනයක් අත් කර ගැනීම ස්ථිර බවයි. මෙසේ විශාල තෙල් නිධියක් සොයාගැනීමෙන් අනතුරුව ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන බලවත් රටවල් අතරින් දහවැනි ස්ථානයට පත් වීමට

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන 13 හා 14 යන දෙදින තුල වසා තිබෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ සිංහල අලුත් අවුරුද්ද මුල් කරගෙනයි. මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.

ලාංකිකයින්ට ජපානයේ තවත් රැකියා /අදම අයදුම් කරන්න

විදේශ රැකියා අමාත්‍යාංශය සහ IM Japan ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ රැකියා අවස්ථා සඳහා කාර්මික සේවාස්ථ අභ්‍යාසලාභීන් යොමු කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බැවින්, ජපන් භාෂා ප්‍රවීණතා JLPT 4 හෝ NAT 4 සමත් ශ්‍රී ලාංකික තරුණයන්හට සාත්තු සේවක රැකියා අවස්ථාවන් උදා වී පවතිනවා. වයස අවුරුදු 18-30

දකුණු කොරියාවේ ලාංකිකයන්ට පණිවිඩයක්

දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ප්‍රජාව වෙනුවෙන් අප්‍රේල් මස පවත්වන පළමු තානාපති කාර්යාලයීය කොන්සියුලර් හා රැකියා සුබ සාධන ජංගම සේවාව ලබන 08 වනදා තේගු විශ්ව විද්‍යලයේදී පැවැත්වෙනවා. දහවල් 12 සිට පස්වරු 5 දක්වා මෙම ජංගම සේවාව පැවැත්වෙනු ඇති.

බ්‍රිතාන්‍යයේ වේල්ස් අපි අවුරුදු උළෙල අප්‍රේල් 14

බ්‍රිතානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිහිටුවා ගෙන ඇති "වේල්ස් අපි" පදනම දෙවැනි වරට සංවිධානය කරන බක්මහ උළෙල මේ මස 14 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා එංගලන්තයේ කාර්ඩිෆ් හි ලැනිශන් උසස් පාසලේ දී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා. අවුරුදු චාරිත්‍ර, ජාතික ක්‍රීඩා ,ළමා විවිධ ප්‍රසංගය, ළමා අවුරුදු

දකුණු කොරියාවේ ලාංකිකයන්ටත් අවවාදයක්

දකුණු කොරියාවේ මේ වන විට බොහෝ දෙනා පාපැදි තමන්ගේ එදිනෙදා ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නවා..වැඩි දුර ප්‍රමාණයක් නොමැති තම කර්මාන්තශාලාවට..අසල වෙළදසැල් වලට මෙන්ම සති අන්තයේ යහළුවන් සමග විනෝදගමන් යාමටද අද බොහෝ කොරියානු ජාතිකයන් මෙන්ම විදේශිකයන්ද පාපැදිය භාවිතයට හුරු වෙලා..තම සෞඛ්‍යය තත්වය නගා සිටවීම උදෙසා ශාරීරික ව්‍යායාමයක් ලෙස බොහෝ දෙනා පාපැදි පැදීමට

සවුදියේ විදේශකයින්ගේ රැකියා අවධානමක් නෑලු

සවුදි අරාබියේ රජයේ ආයතනවල සේවය කරන විදෙස් ශ්‍රමිකයින් එම රැකියාවලින් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව එරට රජය නිවේදනය කර තිබෙනවා. පසුගියදා සවුදි රජය නිවේදනය කළේ එරට රජයේ රැකියා වැඩි ප්‍රමාණයක් සවුදි අරාබි වැසියන්ට ලබාදීමට කටයුතු කරන බවයි.ඳා එම තීරණය ස්ථිර එකක් වුවද විදෙස් ශ්‍රමිකයින් රැකියාවලින් ඉවත් කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන

Top