UNP / TNA / JVP කතානායක සමග විශේෂ සාකච්ජාවක

එක්සත් ජාතික පක්ෂය , දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ බහුතරයක නියෝජිතයින් හා කතානායකවරයා අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් පවතිනවා.
ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 01 තුලදීයි.
පවත්නා දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තුවේ බලතල පිළිබද මෙහිදී අවධානය යොමුකෙරෙන බව සදහන්.
මෙම සාකච්ජාවේදී එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු බහුතරය පිළිබද කතානායකවරයා දැනුවත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේ.
පෙරවරු 10ට මෙම සාකච්ජාව ආරම්භවී තිබෙනවා.

මේ ඒ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක්.