අංගොඩ ලොක්කාගේ මරණය ගැන හොයන්න ඉන්දියාව ලංකාවෙන් ඩී එන් ඒ ඉල්ලයි

ඉන්දියා‌වේදී මරණයට පත්වූ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙම මරණකරු සැබවින්ම අංගොඩ ලොක්කා නැමැත්තා දැයි තහවුරු කර ගැනීම මෙහි අරමුණ බවයි.
ඒ අනුව අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකගේ සමීපතම ඥාතියාගේ ඩී එන් ඒ සාම්පලයක් ලබාදෙන ලෙස ද ඉන්දියාව ඉල්ලීමක් කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි.
කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් තිබූ තිබුණා.
2020 වසරේ අගෝස්තු මාසයේදී ඔහු ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේදී මියගිය බවට වාර්තා වූ අතර වස ලබාදී එම ඝාතනය සිදුකර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පුවත යවන්න