බ්‍රිතාන්‍ය-පාකිස්තාන ක්‍රියාකාරිකයෙකු වන යූසාෆ් අලි ඛාන් පාකිස්තානයේ දී දේශද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ බ්‍රිතාන්‍යයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පකිස්ථාන හමුදාවට එරෙහි ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා මතයි.
ඔහු සිය පවුලේ ඥාතියකුගේ අවමංගල උත්සවයක් වෙනුවෙන් පකිස්ථානයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද බී බී සී පුවත් සේවය වාර්තා කළා.
පකිස්ථාන හමුදා මානව හිමිකම් කඩ කරන බවට ඔහු චෝදනා එල්ල කර තිබූ අතර ,ත්රස්තවාදයට සහාය දක්වන බවටයි තවත් චෝදනාවක් එල්ල කර තිබුනේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පල කරන බවත් ඔහු වමා මුදා හරින ලෙසත් බ්‍රිතාන්‍යය ඉල්ලීමක් සිදුකර තිඛෙනවා.