අත්අඩංගුවට නොගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID යට කැදවයි

කොලඹදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය සැලසීමේ චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 27 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇතැයි වාර්තාවනවා.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා එදින උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව සදහන්.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළද ඊට බාධා හා බලපෑම් එල්ලවෙමින් පවතින බවටයි කරුණු වාර්තාවී තිබුණේ.
ඒ අනුව අවස්තා 2කදී අධිකරණය සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග කළද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත්ව තිබෙනවා.
ඒ බලවත් හස්තයක් විසින් ඊට බලපෑම් කිරීම හේතුවෙන් බවයි මේ වන විට ප්‍රකට රහසක්වන්නේ.