රට තුළ මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිතයේ අඩුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.