අද ඉල්ලීම් නොලැබුණොත් විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් අද දිනයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩල පාරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ඊයේ දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වූ බවයි.

පුවත යවන්න