කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 543 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,716ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 180,427ක් බවට පත්වුණා.