අද (03) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,181ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 614,659ක්.
තවත් කොරෝනා මරණ 23ක් ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ වාර්තා වූ බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,515ක්.