දිවයිනටම බලාත්මන වන පරිදි සංචරණ සීමා පැනවෙන කාලය තුළ රාජකාරී සදහා නිලධාරීන් 20000ක් එක්කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර හය කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බවයි.
අද රාත්‍රී 11 සිට ලබන සදුදා (17) අලුයම 4 දක්වා දිවයිනටම බලාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිඛෙනවා.
ඒ අනුව සියලු වෙළෙදසැල් වසා තැඛෙන බවයි පොලිසිය පැවසුවේ.
කෙසේවෙතත් මෙම සංචරණ සීමා වනවා ඇති කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාමට අවසර ලබා දී ඇත.