අද (11) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 506ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,507ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 274,523ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,598ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 244,437ක්.