ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික භාණ්ඩ බහාලුම් රැසක් කොළඹ වරායෙන් මුදා හැරීමේ දීර්ඝ ප්‍රමාදයක් සිදුවී ඇති අතර. භයානක භාණ්ඩ ලෙස වර්ගීකරණය කරන ලද භාණ්ඩ ද ඒ අතර වන බව හෙළිකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද අධික ලෙස ගිනි ගන්නා ද්‍රව්‍ය පවා මෙසේ වරායේ රදවා පවතින බවයි හෙළිකර ඇත්තේ.
එම භාණ්ඩ සති අටකට ආසන්න කාලයක් වරායේ සිරවී ඇති බව ද අනාවරණ වනවා.
දේශීය තීන්ත නිෂ්පාදකයෙකු සඳහා භාණ්ඩ ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති අධික ලෙස ගිනි ගන්නා හා අධික තාප තත්වයන් සහිත භාණ්ඩ ද මෙසේ වරායේ රදවා පැවැතීම අවදානම් බවයි දැනුම්දී ඇත්තේ.
“මෙම භාණ්ඩ පැය 24-48 තුළ ඉවත් කළ යුතු වුවද සති ගණනාවක් වරායේ රදවා පැවැතීම විශේෂිත වනවා.
තවත් සැපයුම්කරුවෙකු පැවසුවේ කොළඹ නගරයේ ඇතැම් භාණ්ඩ ඉවත් කිරීමට දීර්ඝ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් හිඟ මුදල් ගෙවීමට සිදුව ඇති බවයි.
සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ කියා සිටියේ ඩොලර් අර්බුදය හේතුවෙන් භාණ්ඩ කොළඹ වරායේ සිරවී ඇති බවයි.
සැපයුම්කරුවන් විසින් ප්‍රකාශ කරන භාණ්ඩ අතර අනතුරුදායක භාණ්ඩ තිබේද යන්න පිළිබඳව තමා නොදන්නා නමුත් ඊට බොහෝ දුරට ඉඩක් පවතින බව ද ඔහු කියා සිටියා.
“එහෙම බඩු තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා මේ භාණ්ඩ ඉක්මනින් ඉවත් කළ යුතුයි,”