අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පවතින නීතිය සංශෝධනය කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවයි.
මුල්ලේරියාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අදහස් පළ කළා.