අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපතිවරයා එකඟ වෙයි

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට එකඟ බව ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රතිචාරය දක්වා තිබුණා.
අතුරු ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන බවත්, ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා දැනුම්දී පවතින බවද උන්වහන්සේ අවධාරණය කළා.

 

 

පුවත යවන්න