අන්තරේ සටන්කාමී කණ්ඩායමක් / අගෝස්තුවෙන් පසු ආහාර හිඟයක් / රනිල් ජාත්‍යන්තරයට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුල ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මත දෙකක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. 

ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ගාලුමුවදොර පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවයි. 

කෙසේ වෙතත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස බවත්, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන බවත් ඔහු පැවසීය. 

“පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි සංශෝධනය යළි ස්ථාපිත කර 21 වැනි සංශෝධනය සම්මත වූ පසු සියලු පක්‍ෂ නායකයන් සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩපිළිවෙළකට පැමිණිය යුතු බව මම යෝජනා කරනවා,” 

එළඹෙන සහල් වගා කන්නයට අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ඇති විය හැකි බවටද රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය. 

ශ්‍රී ලංකාවේ වගාවට අවශ්‍ය පොහොර නොමැති බැවින් එළඹෙන සහල් වගා කන්නයේ සම්පූර්ණ නිෂ්පාදනය නොලැබෙන බැවින් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පැවසීය. 

“අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී ය. ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොම ජීවත් වෙයිද කියලා බලන්න වෙනවා” 

රට තුළ උද්ගතව ඇති විරෝධතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අවිශිබම) ( Militants) සටන්කාමී කණ්ඩායමක් ලෙස හැඳින්වීය.

(අවිශිබම) සටන්කාමී තරුණ කණ්ඩායමක් වන අතර එය වසරකට අවම වශයෙන් පෙළපාලි 5-6 ක් පවත්වන අතර ඔවුන්ට එරෙහිව ජල ප්‍රහාර එල්ල කරන බවද පවසා තිබුණා.

අවිශිබම විරෝධතාවලට අමතරව ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තමන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවද විරෝධතා පවත්වනු දක්නට ලැබෙන බව අගමැති වික්‍රමසිංහ පැහැදිලි කළා.

පුවත යවන්න