අබුඩාබියට තවත් මිසයිල ප්‍රහාරයක් / ගුවනේදීම වළක්වයි

මාසයක් තුල තුන්වෙනි වතාවටත් එල්ල කළ හවුති කැරලි කරුවන්ගේ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් සාර්ථකව උඩු ගුවනේදී විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වී තිබෙනවා.

ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්සොග් ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය අතරතුරදී හවුති කැරලිකරුවන් මෙම මිසයිල ප්‍රහාරය අබුඩාබිය වෙත එල්ල කර තිබුණා.
මෙම ප්‍රහාර එමීර් රාජ්‍යය පිළිබද ලෝකයේ පවතින සුබවාදී ස්ථාවරය හානියට ලක් කරන්නක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය හවුති කැරලි කරුවන් නිසා අනතුරු දායක වෙමින් පවතින බව ද එම වාර්තා සදහන් කළා.
අද ගුවනේදී විනාශ කළ මිසයිලයේ කැබලි ජනාකීර්ණ නොවන ප්‍රදේශයකට ඇද වැටී තිබුණා.
ප්‍රහාරයෙන් විනාඩි 30 කට පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් යේමනයේ අල්-ජෝෆ් පළාතේ මිසයිලය එල්ල කෙරූ ස්ථානය විනාශ කළ බවයි නිවේදනය කළේ.

පුවත යවන්න