අභියාචනයක් දැමූ පමණින් තහනම අහෝසි නොවේ / නීතීඥ සාළිය පීරිස්

අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එය බලාත්මකවීම නතර නොවන බව ජනාධිපති නීතීඥ සාළිය පීරිස් මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුවට වාරණයක් පනවන තෙක් එම වාරණය බලාත්මක බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කිරීම හා අමාත්‍ය මණ්ඩලය ලෙස පත් කළ පිරිස එහි කටයුතු කිරීම වලක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඊට එරෙහිව හෙට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.