අයර්ලන්ත අහසේ අද්භූත යානා දිස්වෙලා

අයර්ලන්ත මුහුදු සීමාවේදී හදුනා නොගත් පියාසර වස්තූන් පෙලක් දර්ශනයවීම සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාව හා ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එරටට ගුවන් ගමන් සිදුකරන ජාත්‍යන්තර මගී ගුවන් යානාවල නියමුවන් කිහිප දෙනකු විසින්ම තම යානයට ඉදිරියෙන් දිස්වන හා වේගයෙන් ගමන් කරන අද්භූත යානාවක් පිළිබද ගුවන් පාලක මැදිරි දැනුවත් කර ඇති බවයි අයර්ලන්ත වාර්තා පවසන්නේ.
මේ අතරින් එක් යානයක නියමුවකු විමසා ඇත්තේ අදාළ කලාපයේ හදුනා නොගත් යානා කිහිපයක් දිස්වන හෙයින් එම කලාපයේ හමුදා අභ්‍යාසයක් සිදුවන්නේද යන්නයි.
එහෙත් එම කාලය තුල අයර්ලන්තය එවන් කිසිදු ගුවන් හමුදා අභ්‍යාසයක් සිදුකර නැහැ.
මෙම අද්භූත පියාසර වස්තු විනාඩි 17ක කාලයක් පුරා දිස්ව ඇති අතර ඒවා මාර්ච් 17 යානයක් මෙන් වේගවත්ව හා විශාල ආලෝකයක් සහිතව ගමන් කර නොපෙනී ගිය බවටයි වාර්තා ලැබී ඇත්තේ.
ගුවන් නියමුවන් රැසක් විසින්ම මේ පිළිබද වාර්තා කර ඇති බැවින් එය නොතකා හැරිය නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.