හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “cට” සහ “මයිනාගෝගමට” පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මේ අතර මෙම පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලීසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ ලිඛිතව උපදෙස් ලබා දුන්නේ ය.
අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද වේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම, සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ද මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතරට අයත් ය.