අල්කයිඩා අමෙරිකාවට අනතුරු අඟවයි

අමෙරිකාව ඇතුළු බටහිර සන්ධානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කරන බව අල්කයිඩා සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ ,ලෝකයේ සියළු ඉස්ලාමීය බලවේගයන් එක්කර ගනිමින් සටන අරඹන බවට මෙම අනතුරු ඇඟවීමේ දක්වා ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හා බටහිර හමුදා ඉවත් කර ගැනීමට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.
2001 වසරේදී ඇෆ්ගන් යුද්ධය ආරම්භ කෙරුණේ අමෙරිකාවට එල්ලවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුවයි.
ඒ යටතේ අල්කයිඩා සංවිධානය අඩපණ වූ අතර එහි නායක ඔසාමා බින් ලාඩන් පකිස්ථානයේ දී ඝාතනය කෙරුණා.

පුවත යවන්න