අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ, අවුරුදු ක්‍රීඩාවලදී සමාජ දුරස්ථභාවය, අත්සේදීම හා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

කඹ ඇදීම, කොට්ට පොර ගැසීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර හිමි නොවන බව ඇය සදහන් කළා.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

පුවත යවන්න