බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 341 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට සහ විශේෂිත අංශවලට අනුයුක්ත නිලධාරීන් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව ඔහු පැවසුවේ.
අදාළ නිලධාරීන්ගේ පවුල් වෙත සහන මළු ඛෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.