අලුත් අවුරුදු සමයේ අවශ්‍ය වුවොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් රට තුළ සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පසුගිය නත්තල් සමයෙන් පසුව මෙරට කොවිඩ් ව්‍යාප්තිය වැඩි වූ බවත් එයට හේතුව බවට හදුනාගෙන ඇත්තේ ජනතාව නිවරදිව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බවයි හමුදාපතිවරයා පවසන්නේ.

කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියා.

“දෙසැම්බර් නත්තල් සහ ඉන් පසුව තිබිච්ච දීර්ඝ නිවාඩුවෙන් පස්සේ වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවුණේ ජනවාරි පෙබරවාරි මාසවල. 2020ට පෙර, අපි පුරුදු වෙලා තියෙන විදිහට උත්සව සමරන්න ගියොත් යම්කිසි වෙනසක් ඇතිවෙන්නත් හැකියාවක් තිබෙනවා.”

පුවත යවන්න