අවම බස් ගාස්තුව රුපියල් 10කින් වැඩි කරන්න ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අවම බස් ගාස්තුව වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා වැඩි කළ යුතු බවයි.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන සහනාධාරයක් හිමි නොවන්නේ නම් දිවයිනපුරා බස් ධාවනයෙන් ඉවත් වන බවයි.

පුවත යවන්න