අවසන් විසදුම ජනතාව ළගයි / මහින්ද රාජපක්ෂ කියයි

අස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කිරිමේ එකම මාර්ගය මැතිවරණයකට යාම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වෛරීභාවය මහජනතාවට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි.

මේ වන විට පවතින ගැටලු සියල්ලටම විසදුම පවතින්නේ ජනතාව හමුවේ බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.